වැලිකඩ පොලිස් බලප්‍රදේශයේ පරණ කෝට්ටේ පාර රාජගිරිය ලිපිනයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් වයස අවුරුදු 44,31,47 වයස්වල පසුවන්නියන් බවයි අනාවරණ වී ඇත්තේ.
ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් එක් කාන්තාවක් සහ ගණිකා වෘත්තියේ නියැලීම සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අගලවත්ත, පමුණුගම, ගලිගමුව ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවටයි වාර්තා වන්නේ.
අලුත් කඩේ අංක 4 දරන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත පොලිසිය විසින් අදාළ වැටලීම සිදුකර තිබෙනවා.
එම ගණිකා නිවාසය සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ (22) රාත්‍රී 9.45 ට පමණ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
සැකකාරියන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැලිකඩ පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.