පෙම්වතා විසින් තමා දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක් කළ තරුණියකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව නොච්චියාගම පොලිසිය පවසනවා.
මෙම තරුණිය සිය පෙම්වතා විසින් දුෂණය වූ බව පසුගියදා නොච්චියාගම පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අදාළ පෙම්වතාගෙන්වා ප්‍රශ්න කිරීමේදී තමන් එසේ නොකළ බව ඔහු පොලිසියට පවසා ඇති බවත් පසුව පොලිසිය විසින් තරුණිය වෛද්‍ය පරීක්‌ෂණයට භාජන කළ බවත් සඳහන්.
වෛද්‍ය පරීක්‌ෂණයට අනුව එවැන්නක් සිදු වී නැති බවටයි පොලිසිය තහවුරු කරගෙන තිබෙන්නේ.
පසුව පොලිසිය කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ තරුණිය පවසා ඇත්තේ තම පෙම්වතා වෙනත් තරුණියක් සමඟ සම්බන්ධතාවක් ඇති බව ආරංචි වීම නිසා පෙම්වතා විවාහ කර ගැනීමේ අරමුණින් මෙසේ බොරු පැමිණිල්ලක් කළ බවයි.
පොලිසියේ අවවාද මත මේ වන විට එම පෙම්වතා තරුණිය සමඟ විවාහවීමට තීරණය කර තිබෙනවා .
එසේ වූවද තරුණිය විසින් ස්‌ත්‍රී දූෂණයක් සම්බන්ධ බොරු පැමිණිල්ලක් කිරීම බරපතළ වරදක් බැවින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බව ද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.