ලොකුම කැරට් අලය ඇමරිකාවේ Minnesota ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා. මේ කැරට් අලයේ බර රාත්තල් 22.4යි. Chris Qualley කියන වයස අවූරුදු 34ක පුද්ගලයාගේ ගෙවතු වගාවෙන් වාර්තා වෙන මේ කැරට් අලය ලෝකයේ ලොකුම කැරට් එක කියලයි කියන්නේ.
2014 වර්ෂයේ බර පවුම් 20ක කැරට් අලය තමයි මිට පෙර ලොකුම කැරට් අලය වුණේ. ඒ වාර්තාව තිබ්බේ Peter Glazebrook කියන තරුණයා. මේ වාර්තාව බිදින්න Chris සමත් වුණත් ඔහු නම් කියන්නේ එය පුදුම සහගත දෙයක් බවයි.
ඔහු මෑත කාලයේ ගෙවතු වගාවට යොමු වූ නිසා මෙය ඔහුට ලැබුණු සතුටුම ආරංචිය කියලත් ඔහු කියනවා. ඒ වගේම ඔහුගේ ගෙවත්තේ පැණි කොමඩු, වට්ටක්කා, තක්කාලි වගේ දේවල් තියෙනවා කියලත් කියනවා.