පාසල් අවසන් වී නිවෙස බලා යෑමට බස් නැවතුමේ සිටි 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් හදිසියේ රෝගාතුර වී ඇද වැටීමෙන් මිය යෑමේ පුවතක් යක්කල ප්‍රදේශයෙන් වාර්තා වුණා.
සචිනි කෞෂල්‍යයා වන එම දැරිය යක්කල අනුර මහා විදුහලේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.
සිද්ධිය වී ඇත්තේ පෙරේදා (20) දහවල් කාලයේයයි.
මෙය දුටු සිසුන් දෙදෙනෙකු ඇය ත්‍රි රෝද රථයක නංවාගෙන ගම්පහ රෝහලට ගෙනැවිත් තිබෙන අතර රෝහලට ඇතුළත් කර ටික වේලාවකට පසුව ඇය මෙලොව හැර ගොස් තිබෙනවා.
දැරියගේ ජීවිතය බේරා ගන්ට ඒ මොහොතේ රෝහලේ සිටි වෛද්‍යවරුන් සියලු දෙනා පැමිණ දැඩි වෙහෙසක් ගත් බවයි අපට දැනගන්නට ලැබුණේ.
වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර රාගම රෝහලට ගෙන ගොස් තිබෙනවා.
දැරිය ගොරකදෙණිය උඩුතුත්තිරිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.