රුවන් වික්‍රමසිංහ කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු ආදරණිය පෙම්වතෙක්. දැන් නිරන්තරයෙන්ම දකින්න ලැබෙන්නේ නැහැ. වාසනා සුරංගි එදිරිසූරිය වික්‍රමසිංහ කියන්නේ ඔහුගේ ආදරණිය බිරිද. විවාහයත් එක්ක පවුල් ජිවිතේ ගැන වැඩිපුර හිතන රුවන් ඔහුගේ අලුත් ජිවිතේ ගැන මේ විදිහට පුවත් පතකට කතා කරලා තිබුණා.
කොහොමද විවාහ ජිවිතේ..?
අඬබෙර ගහලා විවාහ වීමට මට වුවමනාවක් තිබුණේ නැහැ. ඒ කටයුතු මට කිරීමට වුවමනා වී තිබුණේ බොහොම සාමාන්‍ය විදියටයි. ඒ හේතු මත ප්‍රසිද්ධියක් නොගෙනම මම විවාහ වුණා. මේ වනවිට අප දෙදෙනා සතුටෙන් හා සැහැල්ලුවෙන් ජීවත් වෙනවා.”
“ඔබ විවාහ වීමට මේ තරම්ම කාලයක් ගත්තේ ඇයි?”
“ඒක ප්‍රමාදයක් විදියට නොවෙයි මා සලකන්නේ. මම හිතන්නේ විවාහ වීමට මට ගැළපෙන ම කෙනා ලැබෙන්නත් ඕනෑ. ඒ සඳහා සුදුසු කාලය පැමිණෙන්නත් ඕනෑ. මට ම ගැළපෙන කෙනා ලැබෙනතුරු ඉන්න තරම් මා වාසනාවන්ත වුණා. මේ නිසා නියම කාලයේ විවාහ වුණා කියලා මට සිතෙනවා. මා එලෙස පවසන්නේ ජීවිත අවබෝධය හොඳටම තිබෙන කාලයේදියි මා විවාහ දිවියට එළැඹෙන්නේ. මේ නිසා මගේ පැත්තෙන් විවාහ වීමට ප්‍රමාදයක් වුණා කියලා මට සිතෙන්නේ නැහැ.”
රුවන් විවාහ වන්නේ වාසනා සුරංගි එදිරිසූරිය වික්‍රමසිංහ සමඟ. මුහුණු පොතෙන් මුණ ගැසුණු ආදරය වසර ගණනක් ගලාගෙන ගියේ බොහොම සුන්දරව නේද ..?
“වාසනාව මට මුලින්ම මුණ ගැසෙන්නේ 1997 වසරේ අග හා 98 වසරේ මුල් කාලයේදී. ඒ කාලයේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. ජීව විද්‍යා අංශයේ ශිෂ්‍යයෙක් විදියට මා සිටින විට ඈ මට වඩා වසරක් පමණ පහළ කණ්ඩායමේ තමයි හිටියේ. ඒත් අපි එතකොට සාමාන්‍ය විදියට හමුවන විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විදියටයි ඇසුරු කළේ. ඒ කාලය ගෙවී ගිහින් යළිත් අප හමුවන්නේ මේ මෑත කාලයේ. ඒ කියන්නේ මීට වසර දෙකකට පමණ ඉහතදියි. අහම්බයෙන් වගේයි මට මුහුණු පොතේදි වාසනාව දකින්නට ලැබෙන්නේ. එතැනින් ඇරැඹුණු චැට් එක දිගටම වගේ අප අතර තිබුණා. ඒ කාලය හරියට ම මම විවාහ විය යුතුයි කියලා සිතමින් සිටි කාලයයි. මගේ ඔළුවේ සිටි කෙනාව සොයමින් සිටි කාලයයි. ඒ අතරයි මට දැන ගැනීමට ලැබුණේ වාසනාත් තවම විවාහ වෙලා නැහැ කියලා. ඒත් සමඟම මා වාසනාට මුණ ගැහෙමු යැයි යෝජනා කළා. මුණ ගැසිලා කතාබහ කළා.”
“රුවන් වාසනාගේ අගය කරන ගතිගුණ මොනවාද?”
“ඈ නිතර ම වැඩ කරන්නේ හොඳට හිතලා බලලා. ඒ වගේ ම වැඩවලට කම්මැලි කාන්තාවක නොවෙයි. ප්‍රසන්නයි. ඇගේ වෘත්තියත් එක්ක බලන විට මා නියළෙන්නේ වෙනස් ම වෘත්තියක. ඒ වෘත්තියට හැඩ ගැසෙන්නට හැකි නම්‍යශීලී බවක් ඈට තිබෙනවා. ඒ අතර මා ඇගේ දකින වැදගත් ම ලක්ෂණය වන්නේ ඈට තිබෙන හොඳ සමාජ කියැවීමයි. බොහෝ දේවල් දෙස බලද්දි අප දෙදෙනා ම ඒ දෙස බලන්නේ එකම විදියටයි. චිත්‍රපටයක් නැරැඹුවත් ඒ පිළිබඳ කරන විචාරය, කරදයක් වුණු සිදුවීමකදි වුණත් ඒ අය දෙස බලන විදිය එකම වගෙයි. විශේෂයෙන්ම මගේ බිරිය වීමටත් වඩා මගේ දරුවන්ගේ අම්මා වීමට ඈ තරම් සුදුසු කෙනෙකු මා දැක්කේ නැහැ.”
“නිවෙසේ කටයුතු සිදුවන්නේ දෙදෙනාගේ ම සහයෝගයෙන්ද?”
“අලුත් ගෙදර අප දෙදෙනා ජීවත් වන්නේ තනිවමයි. ඒ නිසා කටයුතු ගොඩයි. ඒ සියලු දේ ම අප දෙදෙනා ම කර ගත යුතුය යන අවබෝධය අපට තිබෙනවා. මේ නිසා අප දෙදෙනා බෙදාගෙනයි නිවෙසේ කටයුතු සිදුකරන්නේ. වාසනා නැති වෙලාවට මා මගේ කටයුතු තනිවම කර ගන්නවා. නිවෙසේ කටයුතු සඳහා දෙදෙනාගේ වෘත්තිය අප කිසි විටෙක බාධාවක් කර ගන්නේ නැහැ. සරලව වාක්‍යයකින් පැවසුවොත් කිසිම වෙලාවක අප දෙදෙනා පිටතින් කෑම අරගෙන ඇවිත් කන්නේ නැහැ. නිවෙසේ උයලාමයි කෑම කන්නේ. වාසනා කෑම උයන වෙලාවට මමත් ඈට සහයෝගය දෙනවා. ඒ සියලු කටයුතු මනාව කළමනාකරණයකින් යුතුව කරගෙන යන්නට අප දෙදෙනාටම තිබෙන්නේ විශේෂ හැකියාවක්.”
පහුගිය කාලේ දකින්න ලැබුණේ නැහැ.. ඒ ඇයි..?
“පසුගිය කාලයේ මට ලැබුණු නිර්මාණත් අඩුයි. ඒ ආරාධනා ලැබුණු නිර්මාණත් භාරගන්න සුදුසු ඒවා කියලා මට දැනුණේ නැහැ. ඒ නිසා මා රංගනයෙන් තරමක් ඈත්වෙලයි සිටින්නේ. හොඳ නිර්මාණයක් ලැබුණොත් රංගනයෙන් දායක වෙනවා. රංගනයට පිවිසි මුල් කාලයේ නම් මා සෑම නිර්මාණයකට දායක වුණා. මේ වනවිට තෝරා බේරා ගැනීමක් සමඟයි නිර්මාණවලට දායක වන්නේ.”
“හැමෝගෙම ළමයි ගැන සිතන ඔබගේ කැදැල්ලට තුන්වැන්නකු කැඳවාගෙන එන්නේ කවදාද?”