30 හැවිරිදි දෙදරු මවකට ලිංගික අතවර කිරීමට ගිය බව කියන 60 හැවිරිදි පුද්ගලයෙකුගේ මුඛයේ පිහිටි එකම දත කැඩෙන්නට එම කාන්තාව පහර දුන් සිද්ධියක් අලුත්ගමින් වාර්තා වනවා.
අලුත්ගම රෝහල් පාරෙන් මෙම සිද්ධිය වාර්තා වූ අතර මට උදව් කර තිබෙනවා කියා කාන්තාවගේ අතින් අදින විට ඇය දත කැඩෙන්නට පහර දී ඇති බවයි පොලිසිය පවසන්නේ.
පසුව සැකකරු එම කාන්තාවගේ සැමියා පහර දුන් බවට පොලිසියට පැමිණිල්ලක් කිරීමට පැමිණ සිටියදී කාන්තාවගේ සැමියාද පොලිසියට පැමිණ තිබුණේ පැමිණිල්ලක් කිරීමටයි.
පැමිණිලි දෙකම සටහන් කර ගත් පොලිසිය සැකකරුවන් දෙදෙනාම ඉකුත් දා කලුතර වැඩවලන මහේස්ත්‍රාත් සිරි පෙරේරා මහ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.