එංගලන්තයේ Lancashire කියන ප්‍රාන්තයෙන් අපුරූ සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි වයස අවුරුදු 42ක අම්මා කෙනෙකු පසුගිය සදුදා 20 වැනි දරුවා ප්‍රසුත කිරීම. මේ අම්මාගේ නම Sue Radford. ඇයගේ සැමියාගේ වයස 46යි. ඔහු නමින් Radford.
මේ දෙන්නට ඉපදුණු දරුවා පිරිමි දරුවෙක්. මේ පවුලට එකතු වුණු 11 වැනි පිරිමි දරුවා මේ. පළමු දරුවා පවුලට එකතු වෙලා තියෙන්නේ මිට අවුරුදු 28 කලින්. එංගලන්තයේ ඉන්න ලොකුම පවුල වෙන්න මේ අය වාසනාවන්ත වෙලා. ඒ වගේම මේ අම්මා නම් මාධ්‍යට කියලා තියෙන්නේ මේ තමයි පවුලට එකතු වුනු අන්තිම දරුවා කියලා.
ඒත් ව්‍යාපාර ආයතනයක් තිබෙන ඇයගේ සැමියා නම් කියන්නේ තවත් දරුවෝ හදන්න ඔහු බලාපොරොත්තු වෙනවා වගේම ඔහුට එය කරන්න පුළුවන් කියලයි. බිරිද ආයෙමත් ළමයි හදන්නේ නැහැ කියලා කිව්වම ඔහුට දුක හිතුණා කියලත් ඔහු ප්‍රකාශ කරලා තිබෙනවා. මේ දෙන්නාගේ වැඩිමහල් දරුවන් දෙදෙනා විවාහ වෙලා ඒ අයට දරුවන් ඉන්න බවත් සදහන්.