සුසිලා කෝට්ටගේ කියන නමට වඩා දයාවතී කියන නම බොහෝ අයට සමීපයි. කටකාර දයාවතිට හැමෝම ආදරෙයි. දශක තුනකට ආසන්න කාලයක් රංගනය එක්ක එකතු වෙලා ඉන්න සුසිලා තවමත් පුංචි තිරය වගේම රිදී තිරය රංගනයෙන් හැඩවැඩ කරන චරිතයක්. පුංචි කාලේ ඉදලම නිලියක් වෙනවා කියන හීනයේ හිටපු නිසා මාතරින් කොළඹ ඇවිත් මුළු ලංකාවම ආදරය කරන චරිතයක් වුණේ කොහොමද කියලා ඇය හිරු ගොසිප් අපිට කිව්වේ මෙහෙමයි.
සුසිලා කියන්නේ දශක තුනකට ආසන්න කාලයක් කලාව එක්ක එකතු වුණු රංගන ශිල්පිණියක්. රංගනයට නවකයින් එකතු වෙද්දී ඔබට තවමත් රංගනයට ඉඩක් ලැබෙනවා කියලා හිතනවද.ඒ වගේම වර්ථමානයේ නිර්මාණ ගැන ඔබ සතුටින්ද .?
මොකක්දෝ වාසනාවකට මට නම් තවමත් නිර්මාණ වලට ආරාධනා ලැබෙනවා. නමුත් ලංකාවේ ගුණාත්මක නිර්මාණ බිහි වෙනවා අඩුයි. අධ්‍යක්ෂ නිර්මාණය රූපගත කරන්නේ පිටපත් රචකයාගේ හිතේ මැවුණු ලස්සන කතාව පිටපතකට ආවට පස්සෙයි. දැන් හොද පිටපත් රචකයින්ට අධ්‍යක්ෂකවරුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පිටරට නිර්මාණ හඩ කවලා යන නිසා. නැත්තම් එකම කතාව චරිත විතරයි වෙනස්.එතැන තමයි කලකිරීම තියෙන්නේ. ඒ වගේම ඇතැම් නළු නිළියන්ගේ රංගනය දකින විට හැගීම් නරබන්නාට දැනෙන්නේ නැහැ.චරිතය හිතට කා වදින්න කළා නම් රංගනයේ යෙදුණු චරිතයට දුක සතුට හෝ තරහා මේ හැගීම් වලින් තමයි ප්‍රේක්ෂකයින් ප්‍රතිචාර දක්වන්නේ.සමස්තයක් විදිහට මම මගේ රංගනය ගැන තෘප්තිමත්.
එකම චරිතයකට කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද.?
මමත් හිතනවා මම එකම රාමුවකට කොටු වුණා කියලා නිර්මාණ කිහිපයක් හැරුණු කොට. චරිතය පටන් ගන්නෙම කෑගහගෙන. රණ්ඩු වෙලා.
රගපෑවා ඇති කියලා හිතෙන්නේ නැද්ද..?
මම නම් හිතන්නේ නැහැ කිසිම රංගන ශිල්පිණියක් හෝ ශිල්පියෙක්ට ඒ හැගීම එනවා කියලා. සමහර අය එහෙම කියන්නේ මුලිච්චාවට. හිතේ එකක් තියාගෙන, නමුත් මට නම් එහෙම කවදාවත් හිතෙන්නේ නැහැ. දේශපාලඥ ඡන්දකාලෙට ජනතාව ළගට ගිහින් මනාප ගන්නේ කලාකරුවන් කියන්නේ ජනතාව ආදරේ ඉලගෙන එන පිරිසක්. ඒ නිසා කලාව හැමදේටම වඩා විශේෂයි.
සුසිලා මාතරින් කොළඹ එන්නේ නිලියක් වෙන්න බලාගෙන. ඒ ගැන කිව්වොත්..?
මට නිලි උණ තිබ්බා. ඒත් මම කොළඹ එන්නේ පුද්ගලික හේතුවක් නිසා. මගේ අම්මා මිය ගියේ මම ඉපදෙනකොට. ඒ නිසා මගේ තාත්තා වෙන කසාදයක් කර ගත්තා.ටික කාලයක් යනකොට ඒ කසාදේ නිසා මාවයි තාත්තයි ගෙදරින් එලවනවා. ඒ නිසයි කොළඹ එන්නේ. නමුත් මම ජිවිතේ හදාගත්තා. පාසල් යන කාලේ මම රගපෑවා. නිතරම නටන එක කළේ. ආසවටවත් පොතක් අල්ලන්නේ නැහැ. රගපාන්න ආවට පස්සේ පුදුම දුකක් වින්දේ. රෝස මල් යහනාවලින් ආව අය නෙමෙයි.අපි තරම් නවකයින් කටු කලා නැතුව ඇති. අද ඉන්න පිරිස ආව ගමන්ම මොනා හරි කරලා ප්‍රසිද්ධ වෙන්න බලන්නේ.ඒ වගේම පුදුම විදිහට අපහාස වින්දා.කොන් වුණා. නමුත් අද ඉන්න තත්ත්වය ගැන සතුටුයි.
පවතින රැල්ල එක්ක දෙමාපියන් බලන්නේ දරුවන් ජනප්‍රිය චරිත බවට පත් කරන්න. ඔබට පියාගෙන් රගපෑමට ලැබුණු උදව්ව කොහොමද..?
මම හැමදේම කරගත්තේ තනියම. මගේ ජිවිතේ ජයගත්තේ තර්ක කරලා. මොකද මම දන්න දවසේ ඉදලා හැදුණු පරිසරයත් එක්ක. අම්මා නැති වුණාට පස්සේ හැමෝම කිව්වේ අම්මා මරාගෙන ආ කෙල්ලෙක් කියලා.යාලුවෙක්ගෙ ගෙදර ගියත් කොහේ ගියත් මම අපහාස වින්දා.කොන් කළා.බැට කෑවා. තාත්තාට තිබුණා අම්මා මැරුණත් වෙන කසාදයක් නොකර හැගීම් දරාගෙන ඉන්න. සමහර විට මාව හදා ගන්න එහෙම කරන්න ඇති. කොහොම නමුත් තව විවාහයක් කරගෙන තාත්තා තවත් දුක් වින්දා.දොස් කියන්න බැහැ. ඒක දෛවය වෙන්න ඇති. කදුළු අතරින් හිනා වෙන්න අද මට පුළුවන් වුණේ එදා ලැබූ පන්නරය වෙන්නත් ඇති. ඒ නිසා තාත්තාට මම ස්තුති වෙනවා. ඒ වගේම කියන්න ඕන අද ඉන්න අම්මලාට ලේසියි දරුවන්ව රගපාන්න දාලා පැත්තකට වෙලා ඉන්න.එයාලා බලන්නේ දරුවෝ ඉගෙන ගත්තත් නැතත් ප්‍රසිද්ධ අය කරන්න. එහෙම නොවෙනවා නම් හොදයි.
විවාහ ජිවිතේ ගැන කිව්වොත්.. සැමියත් ප්‍රවීන කලාකරුවෙක්..?
වේදිකාව නිසා තමයි මට ඔහුව මුණගැහෙන්නේ. ඔහු තමයි මගේ ජිවිතේ ලස්සන කරන්නේ. ආදරණිය කෙනෙක්. මම විවාහ වුණු මුල් කාලේ ඔහුගේ අම්මා අසනීප වුණා. මම කොතරම් කාර්ය බහුල වුණත් ඒ දෙමාපියන්ට සැලකුවා. තුන්වේල කන්න උයලා වැඩ කරලා රගපාන්න යන්නේ. දැන් නම් නිදහස් ජිවිතයක් ගත කරනවා හරිම සතුටින්. මගේ මහත්තයා මට උදව් කරනවා.
පාසල් කාලේ ප්‍රේමවන්තියක් වෙලාම නැද්ද..?
මම පොඩි කාලේ මගේ මස්සිනා කෙනෙකුට ආදරේ කරා. නමුත් ඒ කාලේ ආදරේ ගැන ඒ තරම් තේරුමක් නැහැ. මස්සිනා නිසා නෑදෑයින්ගෙන් ඉඩක් ලැබුනෙත් නැහැ. මම ප්‍රශ්න මැද්දේ හිටපු නිසා ආදරේ පස්සේ ගියෙත් නැහැ.
අසනීප තත්ත්වය කොහොමද කියලත් කියමු..?