ගාල්ල කරාපිටිය රෝහලේ ස්නායු රෝග අංශයේ වෛද්‍ය නිලධාරිනියගේ අභාවය එම පවුලට පමණක් නොව කරාපිටිය රෝහල් සේවකයින්ගේ සහ මැටරඹ, ගිනිගල ගම්වැසියන්ගේ ද සිත් සතන් දුකට පත්කරන පුවතක් වුනා.
මාරාන්තික ඩෙංගු රෝගයට බිලි වු තවත් එක් අයෙකු ලෙස ඇය සටහන් වෙද්දී ඇය කළ සේවය රෝහල් සේවකයින්ගේ ද ගම්වැසියන්ගේ ද ගෞරවයට පාත්‍ර වී තිබුනා.
52 හැවිරිදි වෛද්‍යවරියක් වන එම්. අනෝමා ජයවර්ධන මහත්මිය තිදරු මවක් වන අතර හබරාදුව ගිනිගල ප්‍රදේශයේ පදිංචි වී සිටියා.
තම රාජපකාරිය දේවකාරියටත් වඩා ඉහලින් කර ඇය සිය දරුවන් තිදෙනා ගැන ද විශේෂ අවධානය යොමු කළේ දරුවන් සමාජයේ කාහටවත් කරදයක් නොමැතිව ජීවත් වීමට පුරුදු කර වීම සඳහායි.
ඉකුත් බදාදා දින ඇයව ඩෙංගු රෝගය නිසා රෝහල්ගතකර ඇති අතර මියයන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.
ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ 09 වන වසරේ ඉගෙනුම ලබන ඇයගේ දෙවන දියණියද ඩෙංගු වැළඳීමෙන් ඇය සමඟින් ම ප්‍රතිකාර ගත්ත ද දියණිය සුවපත් වුනා.
කොළඹ විශාඛා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ඇය මුල සිටම අධ්‍යාපනයට අති දක්ෂයෙකු වුනා.
පසුව කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය හැදැරූ අනෝමා මහත්මිය සේවා ස්ථාන කිහිපයක රාජකාරී කර ඇති අතර ඇය මිය යන විට ඇයගේ රාජකාරී ස්ථානය වුයේ ගාල්ල කරාපිටිය රෝහලයි.
අනෝමා ජයවර්ධන ගේ සැමියා වන එස්.ආර්.පී. ජයවර්ධන වෘත්තියෙන් තේ පරීක්ෂකවරයෙකු වන අතර ඔහු වලහන්දුව ප්‍රදේශයේ සේවය කරනවා.
ඇයගේ දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවා වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වී ඇති අතර දෙවන දියණිය ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ද පුතනුවන් ගාල්ල මහින්ද විද්‍යාලයේ ද ඉගෙනුම ලබනවා.
සැමියාට සිය බිරිදගේ වියෝව ද, දරුවන් ට මව ගේ වියෝව ද දැඩි කම්පනයක් ඇති කර ඇති බව අවමගුලට සහභාගී වු සැමට දැකගත හැකි වුනා.
අප අතරින් සදහටම සමුගෙන ගිය ඇය රටට සමාජයට සිදුකළ මෙහෙවර ගැන පැවසු ගම්වැසියෙකු වු ලැසි නෝනා උපාසිකාව
"හිතහොඳ දොස්තර නෝනා හරිම හොඳයි. බෙහෙත්ටිත දිලා යනවා. කතාකරත් ලෙඩේ සුව වෙනවා. හරිම කරුණාවයි. අපට දෙවියෙක් වගේ. ගමට ප්‍රදේශයට සමාජයට සේවය කළා. උපකාර කළා. අපිට ජීවිතය දුන්න ඇය අපිටත් කලින් ගියා."
ප්රදේශවාසියකු වන සිරිසේන වික්‍රමනායක
"අපේ ගමට තල්පෙට විශාල සේවයක් කළ දොස්තර නෝනා නැති විම ගමට පාඩුවක් රටට පාඩුවක්. වෛද්‍ය සේවයටම සමස්ථ රෝගි ජනතාවටම පාඩුවක්. දොස්තර කොනෙක්ට ද මෙහෙමනම් අපි වාගේ මිනිසුන්ට මේ තත්ත්වය කොහෙමද කියලා හිතෙනවා. මේ අය, දැන උගෙන ගෙන සිටින අය . නමුත් මේ අයටත් ඩෙංගුවාගෙන් බේරෙන්න බැරි උනා. ඩෙංගු මර්දනයට පිළියම් යොදන්න වෙනවා .රට රටවල් වලනම් මේවාට ප්‍රතිකාර තියනවා. ලංකාවේ නම් නෑ. මේවාට සෞඛ්‍ය අංශ වග කියන්න වෙනවා. දොස්තරලාටත් මෙහෙමනම් මේ රටේ අහිංසක ජනතාවට කාගේ සරණක් ද කියලා අහන්න කැමැතියි".