මෙක්සිකෝවට බලපෑ රික්ටර් මාපාංක 7 යි දශම 1 ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 200 දක්වා ඉක්මවා තිබෙනවා.
මෙය මෙම මාසය තුළ මෙක්සිකෝවට බලපෑ දෙවන භූ කම්පනය වන අතර, මීට සති කිහිපයකට පෙර ඇති වූ රික්ටර් මාපාංක 8 යි 1 ක් ප්‍රබලැති භූ කම්පනයකින් පුද්ගලයින් 80 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
අද හට ගත් භූ කම්පනයෙන් මෙක්සිකෝ අගනුවර පිහිටි ගොඩනැගිලි රැසක් ද කඩා වැටී ඇති අතර, බොහෝ පිරිසක් අතුරුදන්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට වසර 32 කට පෙර අද වැනි දිනක මෙවැනි ප්‍රබල භූ කම්පනයක් මෙක්සිකෝ අගනුවරට බලපා තිබෙනවා.
එවැනි භූ කම්පනයක් යළි ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා ජනතාව පෙර පුහුණුවීම්වල නිරතව සිටියදී මෙම භූ කම්පනය හට ගෙන ඇති බව විදෙස් වාර්තාවල සඳහන්.