75 වැනි විවාහ සංවත්සරය උත්සවාකාරයෙන් සමරා, මාසයක් ගතවූ පසුව එකම දිනයේදී පැය පහක කාල පරාසයක් තුළදී දෙදෙනාම මියයාමේ දුර්ලභ ඛේදජනක පුවතක් එංගලන්තයෙන් වාර්තා වුණා.
ඔවුන් දෙවැනි ලෝක මහා යුද්ධ සමයේදී විවාහ දිවියට පත්වූ යුවළක්.
ජෝර්ජ් සහ ජින් ස්පීයර් නමැති මෙම යුවළ 1941 වසරේදී මුල්වරට හමුවී ඇත්තේ ලන්ඩන් නුවර රංගන ශාලාවකදීයි.
තරුණයා හමුදා නිලධාරියෙකු වූ අතර දෙවැනි ලෝක යුද්ධයටද ඔහු දායක වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම යුවළ මිය යන විට 95 වැනි සහ 94 වැනි වියේ පසුවුණා.
94 වැනි වියෙහි පසුවූ ජින් ස්පීයර් මහත්මිය නිව්මොර්නියා රෝගී තත්ත්වය හේතුවෙන් රෝහලට ඇතුළත් කළත් ඇය අවසානාවන්ත ලෙස මෙලොවින් සමුගත්තා.
එතැනදි සිදුවී තිබුණේ තවත් පුදුමාකාර සිදුවීමකි.
ස්පීයර් මහත්මයාද එදිනම රෝගාතුර වී තිබුණා.
ඔහුද වහා රෝහලට ඇතුළත් කළ අතර පැය 5 ක් යන්නටත් මත්තෙන් ඔහුද මෙලොවින් සමුගත්තා.
වසර 75 ක් බොහොම ආදරයෙන් සිටි යුවළක් එකම තැනකදි පැය 5 ක් ඇතුළත ජීවිතය හැර ගියේ බොහෝ දෙනෙකුගේ දෑස් කඳුලින් තෙත් කරමින්.