අරණායක සාමගම පිහිටි තම උපන් නිවසට පැමිණි 74 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.
පසුව කාන්තාවගේ දේහය එම ගමේ පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමට ගම්මුන් විරෝධතාවක් දැක්වූ හෙයින් අවසානයේ එම මාතාව පදිංචිව සිටි නිවසේ භූමියේ මිහිදන් කිරීමට ඥාතින් පියවර ගෙන තිබෙනවා.
මියගිය කාන්තාව අරණායක සාමගම ගමේ පිහිටි තම නිවෙසට විවේකයක් ලැබුණු පසු මාස කිහිපයකට සැරයක් පැමිණ දින දෙක තුනක් ගත කිරීමෙන් පසුව දරුවන් නොමැති ඇය නිට්ටඹුවේ ඥාති නිවෙසකට යමින් කාලය ගත කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
පසුගිය දිනෙකද තම නිවස බලා පැමිණ තිබූ අතර එහිදි ඇය හදිසියේ මරණයට පත්ව තිබුණා.
ගමේ නොසිටි කාන්තාවක් කියා ඇයව ගමේ පොදු සුසාන භූමියේ මිහිදන් කිරීමට ගම්මුන් ඉඩ ලබා දී තිබුණේ නැහැ.