දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ එඬේරගල වංගුව ආසන්නයේ අද (20) අලුයම 2.30 ට පමණ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසක් තුළට ගොස් තිබෙනවා.
හබරණ දෙසින් පැමිණි මෝටර් රථය එඬේරගල වංගුව හරවනාවත් සමඟ ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 70 ක් පමණ දුරන් පිහිටි නිවසක බිත්තියත් කඩා ගෙන නිවස තුළට පැමිණීමෙන් මෙම අනතුර සිදු වූ බවයි නිවැසියන් පවසන්නේ.
අනතුරෙන් නිවසට හා මෝටර් රථයට බරපතල හානි සිදුව තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මොටර් රථය පැදවූ දඹුල්ල පෞද්ගලික බැංකුවෙක් කළමණාකරුවෙක් බව පොලිසිය පවසනවා.
අනතුරට හේතුව රියදුරුට නින්ද යාම බවයි සීගිරිය පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් සිද්ධිය සිදුවනවාත් සමඟ නිවස තුළ කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු කාමර දෙකක නිදාගෙන සිට තිබෙනවා.
නිවැසියන් පවසන්නේ එකවරම විශාල ශබ්දයක් සමඟ දෙදුරුම් කෑමක් ඇති වූ නිසා කාමරයෙන් පිටතට පැමිණ බලන විටත් නිවස තුළ දූවිලි වලාවක් සමඟ වාහනයක් දුටු බවයි.
පසුව ප්‍රදේශවාසීන් පැමිණ නිවැසියන් හා මෝටර් රථයේ සිටි රියදුරන් ඉක්මනින් එළියට ගෙන තිබෙනවා.
සිද්ධියෙන් නිවැසියන්ට හා රියදුරුට බරපතල තුවාල සිදු වී නොමැති බවයි වාර්තා වුණේ.