නිවසේ සාලය මැද නිදා සිටී ඉපදී දින හතක් වයසැති සුනඛයකුට ආහාර වූ කුඩා බිළිඳාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ආසිරි ගම පොදු සුසානභූමියේදි අද(18) පස්වරුවේ සිදු කෙරුනා.
අවාසනාවන්ත ලෙස මෙසේ මියගිය තිබුණේ කනිෂ්ක සඳරුවන් නම් වූ දින 7 ක් වයසැති කුඩා බිලිඳක්.
ඉතා දිළිඳු භාවයෙන් පෙළෙන මෙම පවුලෙ අය ජීවත්වන නිවස පුංචි දරුවාගේ දේහය තබන්නට ඉඩ නොමැති නිසා ඔවුන්ගේ පවුලේ ඥාතියෙකුගෙන් නිවසක මෙම බිලිඳු මළ සිරුර තබා තිබුනා.
දේහය ළඟ හඬා වැටෙමින් මිය ගිය පුංචි දරුවාගේ මව වූ නිරෝෂා කුමාරි (24) තමන් දුටු සිය පුතාට අත්වූ ඉරණම කියා සිටියා.
"මම තමන් පිටුපස කුස්සියේ ආහාර පිසීමට සූදානම් කර තිබුනා. නිවසේ සාලය මැද පැදුරක් මත මගේ දරුවා නිදා සිටියා. දරුවාගේ කෙඳිරිලි හඬක් ඇහිලා මම ඇවිල්ලා බැලුවා."
"ඒ වනවිටත් බල්ලෙකු මගේ දරුවා සපා කමින් සිටියා. පස්සේ මම දරුවා ද අරගෙන අසල්වැසි නිවසකට දිව ගියා."
"මගේ දරුවා ආහාරයට ගත් බල්ලා සුදු පැහැති බූල් රැසක් ඇති මීට කලින් කිසිදාක දැකලා නැති බල්ලෙක්. "
මගේ සැමියා, සම්පත් කුමාර (26 ) ඒ වනවිටත් කැලෑ වේ බබර කැපීම සඳහා ගිහින් සිටියා"
මෙම දරුවාගේ අවසන් කටයුතු ඉතා චාම්ව සිදුකරන ආකාරය දැක ගැනීමට හැකි වුනා.
ගමේ විහාරස්ථානයේ විහාරාධිපති රත්නපුර සීලරතන හිමියන් ආගමික වතාවත් ඉටුකිරීමෙන් පසු කුඩා පෙට්ටියක තිබූ බිළිඳු සිරුර කනත්තට රැගෙන ගියා.
නාමල්පුර ආසිරි ගම ගම්මානය ඉතාමත් දිළිඳු බවෙන් යුක්ත පවුල් දෙසීයක් පමණ ජීවත්වන ගම්මානයක්.
මෙම ගම්මානයේ බොහෝ දෙනෙකු සිය වෘත්තිය හැටියට සිදුකරනු ලබන්නේ කුලී වැඩ දඩයම් කිරීම මී පැණි කැඩීම ආදී බව ප්‍රදේශවාසීන් කියා සිටියා.
මෙම දරුවාගේ අවසන් කටයුතු සඳහා පැමිණ සිටි ගම්මුන් දෙස මෙන්ම ඔවුන්ගේ නිවෙස් දෙස බලද්දී දිළිඳු භාවය පිළිබඳව තවත් සාක්ෂි වුවමනා නොමැති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
නිසියාකාර ඇඳුමක් පැළඳුමක් හෝ නොමැතිව එදා වේල සරිකර ගන්නා මෙම ගම්මුන් කියා සිටියේ කැලෑවට ආසන්න ව පැවතීම නිසා ඇතැම්විට දඩයම් වලට හුරු කළ සුනඛයකු මෙම දරුවා ආහාරයට ගත්තේ ද යන්න යි සැක සහිත බවයි.
සිද්ධිය සිදු වූ අවස්ථාවේ එම නිවසේ ආසන්නයේ පදිංචිව සිටී කාන්තාවක් අප සමග කියා සිටියේ දරුවාගේ මව කෑගසාගෙන නිවසෙන් එළියට දිව යනවා සමග ගුරු පැහැති ලෝම හැලූණු සුනඛයකු තම නිවස දෙසට පැමිණි බවත් මීට පෙර එවැනි සුනඛයකු ම ප්‍රදේශයේදී දැක නොමැති බවයි.
කෙසේ වෙතත් ගම්මුන් බොහෝ දෙනෙකු දඩයමේ යන බවට කීමට හෝ දඩයම් බල්ලන් ගමේ ඇතිකරන බවට ප්‍රකාශයක් ලබාදීමට අකමැත්තක් දැක්වූවා.
නම් ගම් නොමැතිව කිහිප දෙනෙකුම අප සමග කියා සිටියේ මෙම ගම්මානයේ බහුතරයක් මෙන්ම මියගිය බිළිඳාගේ පියාද දින ගණනාවක් තිස්සේ කැලේ ගත කරන බවත් මී කැඩීම බඹර කැපීම හා දඩයමේ යැම රැකියාවක් ලෙස සිදු කරන බවයි.
මෙම අවමඟුල් උත්සවයේදී ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කළ රත්නපුර සීලරතන හිමියන් දේශනා කර සිටියේ වන සතුන්ට ගිණි බිඳින බොහෝ දෙනෙකුට මෙවැනි අඳුරු අත්දැකීම් වලට දුක් වලට පත් වන බවයි.