හොරණ වගවත්ත ප්රදේශයේ ක්රීඩාංගනයක පැවැත්වෙන සැනකෙලියක තිබූ "මාරක ළිඳ" දර්ශනයකදී යතුරු පැදිය පදවන්නා බිම ඇදවැටී අනතුරුව පදවන්නෙකු නොමැතිව ගමන් ගත් යතුරු පැදිය දර්ශනය නරඹමින් සිටි දැරියකගේ සිරුරේ වැදුන පුවතක් වාර්තා වනවා.
ඊයේ (17) වූ මෙම සිද්ධියේදී එම දැරිය හා තවත් දැරියන් දෙදෙනෙකු අනෙක් පසින් බිම ඇද වැටී තිබෙනවා.
මෙම ක්රීඩාංගනය හොරණ ප්රාදේශීය සභාව විසින් පාලනය කරන්නක් වන අතර සැණකෙළිය 14 වන දා ආරම්භ වුනා.
ඊයේ දිනයේ එහි මාරක ළිඳ සංදර්ශනය නැරඹීමට 50ක පමණ ලොකු කුඩා පිරිසක් එක්ව සිටියා.
යතුරු පැදිකරු සිය මාරක ළිඳේ පහළ සිට උඩට එන ගමන සෙමින් ආරම්භ කළ අතර ක්රම ක්රමයෙන් වේගය වැඩිකර තිබෙනවා.
එහිදී නරඹන්නන් අත්පොලසන් දුන් අතර වට 2, 3ක් යනවිට එකනෙහිම පදවන්නා ඇද වැටි තිබෙනවා.
පදවන්නා නැතිව යතුරු පැදිය පාලනයකින් තොරව දිගට ගමන් කළ අතර ඉහළට ගොස හැඬලය ලෑලි ළිඳේ ලෑල්ලක් අතර සිර වී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.
පසුව එය නරඹමින් සිටි දැරියකගේ සිරුරේ වැදුන අතර එම දැරිය ඇතුළු දැරියන් 3 දෙනෙකු බිමට ඇද වැටි තිබෙනවා.
එම දැරියන් අවුරුදු 11 සහ 6 වයස්වල පසුවන්නියන්.
එක් දැරියක් උකුල් ඇටේ බිඳී කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබන අතර අනෙක් දෙදෙනා හොරණ රෝහලේ ප්රතිකාර ලබනවා.
යතුරු පැදිය පැදවූ පුද්ගලයාද පාදය බිඳී හොරණ රෝහලේ ප්රතිකාර ලබන බවයි අප වාර්තාකරු කියා සිටියේ.