තමන් කැමති දේ කරන්න හුගක් අය වෙහෙස ගන්නවා. කැපකිරීම හා අධිෂ්ඨානය තිබුණොත් ඒ ඉලක්කයට යන්න ඕනෑම කෙනෙකුට පුළුවන්. මේ කියන්න යන්නේ අලුත් වැඩක් ගැන. ගුවන් යානයක් තුල මේතාක් කාලයක් රූපලාවන්‍යාගාරයක් පිහිටුවලා තිබුනේ නැහැ.
නමුත් තමන්ගේ ගෙවත්තේ CV-440 Metropolitan (වර්ෂ 1957)ගුවන් යානයක් තුල තරුණියක් රූපලාවන්‍යාගාරයක් පිහිටුවනවා.නමින් Amber.ස්කොට්ලන්තයේ ජිවත් වෙන ඇයට මේ ගුවන් යානය තිළින කරන්නේ ඇයගේ දෙමාපියන්. මේ තුල රූපලාවන්‍යාගාරය පිහිටුවන්න ඇමරිකානු ඩොලර් 30,000ක් වැය වූ බව ඇය විදෙස් මාධ්‍ය වෙත පවසලා තිබෙනවා.
"මගේ වැඩිවිය පත් වූ උත්සවය පවත්වනකොට මගේ වයස අවුරුදු 13යි. මාව හැඩගැන්වන්න ආ රූපලාවන්‍ය ශිල්පිනිය දැකලා තමයි මට මේ ආශාව ආවේ. ඒ මොහොතේම හිතා ගත්තා මම කවදා හරි දවසක අලුත් විදිහට රූපලාවන්‍යාගාරයක් පටන් ගන්නවා කියලා. මේ තමයි මගේ මුල්ම උත්සාහය. මගේ පළමු රූපලාවන්‍යාගාරය..." ඇය කියන්නේ එහෙමයි.