Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
18
"රුවැත්තියන් බොහොමයක්‌ අතර පැවැත්වූ ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකකින් තමයි මාව ඒ සඳහා තෝරා ගත්තේ.."

- "රුවැත්තියන් බොහොමයක්‌ අතර පැවැත්වූ ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකකින් තමයි මාව ඒ සඳහා තෝරා ගත්තේ.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19 Views
"නිරූපිකාවක්‌ විදිහට තමයි මිනිස්‌සු මාව දන්නේ.."

"මම තවම පෙම්වතියක්‌ නෙමෙයි..."

චූලක්ෂී රණතුංග කියන්නේ ප්‍රසිද්ධ නිරුපන ශිල්පිනියක්. නිරුපණයට පිවිසිලා කෙටි කලකින්ම ජාත්‍යන්තරය ජය ගන්නත් ඇයට පුළුවන් වුණා. ඒ වගේම නිලියක් හැටියටත් ඇයව ළගදීම දැක ගන්න ලැබෙනවා. මේ ඇය ගැන පුවත්පතක සදහන් වූ ලිපියක්.

චුලක්‌ෂි රණතුංග, ඔබ රඟපෑ චිත්‍රපටයක්‌ තිරගත වෙන්න සූදානම් නේද?
ඔව්. මොහාන් නියාස්‌ මහතා අධ්‍යක්‌ෂණය කළ අලුත්ම චිත්‍රපටය ලබන මාසයේ තිරගත වේවි. එහි ගීත කිහිපයක්‌ සහ ෂූටින් දින කිහිපයක්‌ ඉතුරුවෙලා තියෙනවා.

මේ ඔබේ පළමු චිත්‍රපටය නෙවෙයි නේද?
රිලීස්‌ වෙන පළමු චිත්‍රපටය. නමුත් මම රංගනයෙන් දායක වුණු සහ මගේ පළමු චිත්‍රපටය දේදුනු ආකාසේ. ඒ ෆිල්ම් එකත් තිරගත වෙනවා ලබන මාසේ.

මිස්‌ ශ්‍රී ලංකා කිරුළ 2017 වැඩ කටයුතුවලටත් ඔබ සම්බන්ධයි නේද?
මිස්‌ ශ්‍රී ලංකා 2017 කිරුළ සඳහා රුවැත්තියන් තෝරා ගැනීමේ කටයුතු මේ වෙද්දී ආරම්භ වෙලා තියෙනවා. ඒ නිසා ඒ වැඩ කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

ඔබ ටෙලි නාට්‍ය සඳහා සම්බන්ධ වුණේ නැද්ද?
 මං වඩා කැමැති සිනමා තාරකාවක්‌ විදිහට ඉදිරියට යන්න. ඒකත් එක්‌ක මට දුරකථන ඇමතුම් එකක්‌ හෝ දෙකක්‌ එන්න ඇති ටෙලි නාට්‍ය කරනවද අහලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඉන් එහාට මට ආරාධනා ලැබුණේ නෑ.

මේ වෙද්දි ඔබේ වෘත්තීය මොකක්‌ද?
තවමත් මං නිරූපිකාවක්‌ විදිහට තමයි මිනිස්‌සු මාව දන්නේ. එහෙමත් නැත්නම් 2014 මිස්‌ ශ්‍රී ලංකා විදිහට දන්නේ. රංගන ශිල්පිනියක්‌ විදිහට මාව අනිත් අය දන්නවද නැද්ද කියන කාරණාව ගැන මම තාම දන්නේ නැහැ.
 
මිස්‌ ශ්‍රී ලංකා කිරුළ හිමි වුණ අවස්‌ථාවේ ඔබට කළ හැකි සමාජ සත්කාරය ලෙස ඔබ ප්‍රකාශ කළේ කුමක්‌ද?
විශේෂ අවශ්‍යතා ඇති විශේෂ දක්‌ෂතා ඇති දරුවන් වෙනුවෙන් කටයුතු කිරීම තමයි මම එහිදී තෝරා ගත්තේ. නමුත් ඒ කාරණාව විතරක්‌ අරමුණු කරගෙන විතරක්‌ නෙමෙයි උදව් අවශ්‍ය ඕනෑම කෙනෙකුට මං මට හැකි පමගින් උදව් කරන්න ලෑස්‌තියි.

මේ වෙද්දි ඔබ ඒ වෙනුවෙන් ක්‍රියාත්මකද?
ෆන්ඩ් එකක්‌ පිහිටුවලා ඔවුන්ගේ සුබ සාධනයට කටයුතු කරන්නයි මට ඕනෑ වුණේ. මං ඒ කටයුතු කළා. නමුත් එක දිගට කරගෙන යන්න මට බැරි වුණා. නමුත් මම ඔවුන් අත ඇරලා නැහැ.

ජාත්‍යන්තර, විදෙස්‌ නිර්මාණයකට දායක වෙන්න ඔබට අවස්‌ථාවක්‌ ලැබුණේ නැද්ද?
ජාත්‍යන්තරයෙන් ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් ඒ රංගනය සඳහා නෙමෙයි. නිරූපිකාවක්‌ වශයෙන් කටයුතු කරන්න.මොකද 2014 දී Top model of the world title එක හිමිකරගැනීමේ හැකියාව ලැබුණා. ඒකත් එක්‌ක මට ජාත්‍යන්තරයේ කටයුතු කරන්න අවස්‌ථාව ලැබුණා.

නිරූපණ ක්‌ෂේත්‍රය සම්බන්ධව ඔබ හැදෑරීම් සිදු කළාද?
ඒ සම්බන්ධව මට එහෙම විශේෂයෙන් හැදෑරීමක්‌ කරන්න ලැබුණේ නැහැ. නමුත් ලංකාවේ හුඟක්‌ choreographer ලා එක්‌ක වැඩ කරලා තමයි ඇත්තටම මම නිරූපණ ශිල්පය ඉගෙන ගත්තේ.

අලුතෙන් නිරූපණ ක්‌ෂේත්‍රයට එන අය වෙනුවෙන් යමක්‌ කරන්න හිතන්නේ නැද්ද?
ටික කලකට කලින් මං නිරූපණ ක්‌ෂේත්‍රයට සමුදෙනවා කියලා හැඟීමක්‌ මගේ හිත තුළ තිබ්බා. නමුත් මේ title එක හිමි උනාට පස්‌සේ මගේ ඒ අදහස වෙනස්‌ වුණා. ඒත් එක්‌කම මං හිතුවා ඔවුන් වෙනුවෙන් දෙයක්‌ කරන්න ඕනෑ කියලා. ඒක මගේ හිතේ තියෙනවා.

දිගටම නිළියක්‌ විදිහට කටයුතු කරනවද?
මං රඟපෑ චිත්‍රපට තවම ප්‍රේක්‌ෂකයන් දැකලා නැහැ. ඔවුන්ගේ ප්‍රතිචාර මත මං ඉදිරියේදී තීරණය කරනවා දිගටම රඟපානවද, නැත්නම් ව්‍යාපාර කටයුතු කරනවද කියලා.

ඔබට සිනමාවට පළමු ආරාධනාව කරන්නේ කව්ද?
හේමාල් රණසිංහ, රොසෑන් ඩයස්‌, ප්‍රියන්ත කොළඹගේ මේ හැමෝම ඒ කාරණාවට සම්බන්ධයි. ඒ වගේම මම රොසෑන් ඩයස්‌ මහත්මියගේ නිරූපණ පාසලේ ශිෂ්‍යාවක්‌ විදිහට ඉන්නකොට මිස්‌ ශ්‍රී ලංකා සඳහා අයෑදුම් පත්‍රය දාන්න මාව යොමු කළේ ඇයයි.

මිස්‌ ශ්‍රී ලංකා වුණ හින්දමද රංගනයට අවස්‌ථාව ලැබුණේ?
ඒකත් හේතුවක්‌ ඒ අවස්‌ථාව ලැබෙන්න. නමුත් රුවැත්තියන් බොහොමයක්‌ අතර පැවැත්වූ ස්‌ක්‍රීන් ටෙස්‌ට්‌ එකකින් තමයි මාව ඒ සඳහා තෝරා ගැනුණේ.

පෙම්වතාගේ නම?
මම තවම පෙම්වතියක්‌ නෙමෙයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top