ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ දර්ශන...
බලපු චිත්‍රපටයක් අනුකරණය කරන්න ගිහින්...
කාන්තා ඇඳුමින් සැරසී රාත්‍රී කාලයේදී බණ්ඩාරවෙල නගරයේ සැරි සැරූ පුද්ගලයෙකු බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාල පුද්ගලයා පසුගිය 16 වනදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු යුධ හමුදාවට අනියුක්තව සේවය කරන අයෙක් වන අතර මොහු මැදවෙල, උඩුකිඳ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බව සඳහන්.
අත්අඩංගුවට පත අවස්ථාවේදී සැකකරුගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී අසභ්‍ය වීඩියෝ දර්ශන රැසක්ද එහි තිබී සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
වයස අවුරුදු 23ක් වන අදාල පුද්ගලයා කාන්තා ඇඳුමින් සැරසී බණ්ඩාරවෙල නගරයේ රැදී සිටියදී පොලිසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තමන් නැරඹු චිත්‍රපටයක තිබූ දර්ශනයක් අනුව මෙලෙස කාන්තාවක් ලෙස සැරැසීමට සිතුනු බවටයි සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදී පවසා ඇත්තේ.
සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවයි බණ්ඩාරවෙල පොලිසියේ නිලධාරියෙකු අප සමඟින් කියා සිටියේ.