අවුරුදු 03ක් වයසැති දරුවෙකුගේ හිසට වැදුණු උණ්ඩ කැබැල්ලක් සාර්ථකව ඉවත් කිරීමට පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂ ළමා රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් සමත්ව තිබෙනවා.
මෙම ශල්‍යකර්මයට භාජනය කර ඇත්තේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකු වන අතර, ඔහු නිවසේ තිබූ වායු රයිෆලයකින් සෙල්ලම් කරමින් සිටින අවස්ථාවකදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, ශල්‍යකර්මයට භාජනය වූ කුඩා දරුවා මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.