ලංකාවේ වයස්‌ගතම ප්‍රවීණ ක්‍රීඩිකාවක් වූ අරණායක ගැවිලිපිටිය පදිංචි එස්. පී. අනුලාවතී මහත්මිය එසේත් නැතිනම් ‘කිරි උක්කු අම්මා’ පසුගියදා දිනක කෑගල්ල ප්‍රසිද්ධ ක්‍රීඩාංගණයේ පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගයකට සහභාගී වූවාය.
ඇය අවුරුදු 100-112 අතර කාණ්‌ඩයේදී හෙල්ල හා යගුලිය විසි කිරීමේ ඉසව් වෙනුවෙන් ඉදිරිපත් වූ අතර සිනාමුදු මුහුණින් ඇය ක්‍රීඩාවේ යෙදුනේ බලා සිටි සියල්ලන්ගේම අත්පොලසන් මධ්‍යයේය.
ඇයට මේ වනවිට වයස අවුරුදු 112ක් වන අතර තවමත් යහපත් සෞඛ්‍ය මට්ටමකින් පසුවෙයි. පැමිණ සිටි ක්‍රීඩකියින් ඇයගේ දෙපා නැමැද ආශිර්වාද ලබාගන්නටද මෙහිදී අමතක නොකලේය.
ඇය යගුලිය හා හෙල්ල විසි කරන ලද අවස්ථාවන්හි වීඩියෝව පහතින්