වීදුරු ආහාරයට ගැනීමේ අමුතුම පුරුද්දක් සහිත පුද්ගලයෙකු පිළිබඳව ලොවම මවිත කරවූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම පුද්ගලයා පිළිබඳව තොරතුරු වාර්තා වන්නේ චීනයෙන්.
ඔහු Liu Zundun නමැති 71 හැවිදිරි පුද්ගලයෙක්.
Liu Zundun විසින් විනෝදය සඳහා මුලින් මෙලෙස වීදුරු කෑමට පුරුදු වී තිබෙනවා.
අනතුරුව ඔහු නිතරම වීදුරු කෑමට ඇබ්බැහි වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙහිදී වීදුරු කෑමෙන් අනතුරුව ඔහු විසින් වතුර වීදුරුවක් පානය කරනු ලබනවා.
තම ඥාතීන් විසින් විශේෂ උත්සව අවස්ථාවල වීදුරු කෝප්ප ආහාරයට ගෙන පෙන්වන ලෙසට ඉල්ලීම් සිදුකරන බවයි Liu Zundun වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තමන් මත්පැන් පානය නොකරන බවයි.