දින දෙකක් අතුරුදහන් වී සිටි පිලිපීන ජාතික තරුණියක් මියගොස් සිටියදී සොයාගැනීමට එරට ආරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්වී තිබෙනවා. එලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 20ක් වූ ලීමා නම් තරුණියයි.
පොලීසිය කළ පරීක්ෂණ මඟින් අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය දූෂණය කර පසුව ඝාතනය කර ඇති බවයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට පොලීසිය සැක පිට අවුරුදු 16ක් වූ කොන් සමංග නැමැති තරුණයෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඔහු එම කුරිරු අපරාධය කල බව පිළිගෙන එය සිදුකළ ආකාරය වමාරා තිබෙනවා.