Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්වූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - Video & Photos

- ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්වූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

23,886 Views
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අදාළ ප්‍රහාරය එල්ලවී ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ පසුගියදා ආරම්භ වූ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ඉලක්ක කරගනිමිනුයි.


මරාගෙන මැරෙන බෝම්බකරු ක්‍රීඩාංගණය අසලට ගමන්කරන අවස්ථාවේ එහි සිටි ආරක්ෂක අංශ විසින් ඔහුව ආරක්ෂක මුරපොලක් වෙතට යොමුකළ අවස්ථාවේදීයි මෙලෙස බෝම්බය පුපුරුවාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ ප්‍රහාරය හේතුවෙන් කිසිදු ක්‍රීඩකයෙකුට හානියක් සිදුව නොමැති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

අදාළ තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයන්ද එක්ව සිටිනවා.

මෙම සිදුවීමත් සමඟ විදෙස් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තවදුරත් තහවුරුකර ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන් Band-E-Amir Dragons කණ්ඩායම නියෝජනය කරමින් එක්ව සිටිනවා.

එසේම අදාළ ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ Boost Defenders vs Mis-E-Ainak Knights කණ්ඩායම් අතර තරඟයේ තීරකවරයා ලෙසින් කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු වේගපන්දු යවන්නෙකු වන ග්‍රැහැම් ලැබ්රෝයි.

Band-E-Amir Dragons Team
Rashid Khan (c),
Najibullah Zadran,
Muslim Musa,
Rahmat Shah,
Javed Ahmadi,
Qasim Oryakhail (wk),
Hazratullah,
Shahidullah Kamal,
Ashan Priyanjan,
Glenton Stuurman,
Tendai Chatara

මීට අමතරව ශ්‍රී ලංකාවෙන් මෙම තරඟාවලියට යන කිසිදු ක්‍රීඩකයෙකුගේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාරනොගන්නා බව අදාළ ක්‍රීඩකයන් වෙත දැනුම්දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හිරු කළ විමසීමකට පිළිතුරු දෙමින් අප වෙත ප්‍රකාශ කරා.

මෙම තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක මහරුෆ් සහ ජීවන් මෙන්ඩිස් එක්වන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම්දී ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  402 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  1,532 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  500 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,075 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,114 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  29,720 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,132 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,713 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  8,781 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  23,285 Downloads



Top 10 Commenters

Latest Comments

Top