Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"පාසල් යන කාලේ මගේ හිතේ තිබුණු අපරිමිත ආදරේ ඇයට කියන්න තරම් බය වුණා. එහෙම වුණේ ඇයි කියලා මම තවම හිතනවා.."

- "පාසල් යන කාලේ මගේ හිතේ තිබුණු අපරිමිත ආදරේ ඇයට කියන්න තරම් බය වුණා. එහෙම වුණේ ඇයි කියලා මම තවම හිතනවා.."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,476 Views
"ඒක බොහොම කනගාටුදායක තත්ත්වයක්..."

"මම මොනවාද කළේ කියලා හිතෙනවා.."

සිනමාව පුංචි තිරය මෙන්ම වේදිකාව තුල රංගනය මැනවින් ප්‍රගුණ කළ ඔහු ඩග්ලස් රණසිංහ. ජනප්‍රිය රංගන ශිල්පී සාරංග දිසාසේකරගේ ආදරණිය මාමා ඔහුයි. ඔහු ගැන පුවත්පතක ලිපියක් මෙලෙසින් පලවී තිබුණා. මේ ඒ ගැනයි.

“ධර්ම යුද්ධය චිත්‍රපටයේ කළ රඟපෑමට රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සතුටු දායක ද?”
"ධර්ම යුද්ධය’ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය වේවි යැයි අප සිතුවේ චිත්‍රපටය රූගත කිරීම් කරන කාලයේදීමයි. එවැනි පූර්ව නිගමනයකට අපට පැමිණිය හැකි වූයේ ඉන්දියාව වගේ බොහොම ජනප්‍රිය රටක භාෂා හයකින් පමණ එකම චිත්‍රපටය නිපදවීමට තරම් කතාවේ තේමාව බලගතු වීම බවයි මා සිතන්නේ. අපේ රටෙත් මේ දිනවල ඒ චිත්‍රපටය ඇසුරෙන් නිපදවුණු ‘ධර්ම යුද්ධය’ බොහොම සාර්ථකව ප්‍රදර්ශනය වන බවයි අපට පෙනෙන්නේ.”

‘ධර්ම යුද්ධය’ චිත්‍රපටය නිර්මාණය වන්නේ දමිළ චිත්‍රපටය වූ ‘පාපනාසම්’ චිත්‍රපටය ඇසුරු කර ගනිමින්. එහි අධ්‍යක්ෂවරයා චෙයියාර් රවීයි.“අනෙක් රංගන ශිල්පීන්ට වගේ ඔබටත් ඔවුන් ‘පාපනාසම්’ නම් දමිළ චිත්‍රපටය නැරැඹිය යුතු යැයි යෝජනා කළාද?”
ඔවුන් මට ඒ දමිළ චිත්‍රපටය නරඹන්න යැයි සී.ඩී. පටයක් ලබා දුන්නා. ඒත් මා ඒ චිත්‍රපටය ‘ධර්ම යුද්ධය’ අවසාන වී නරඹන්නම් යැයි පැත්තකින් තැබුවා. කිහිපවරක්ම එය නැරැඹුවා දැයි ඔවුන් මගෙන් විමසුවා. ඒත් මා පැවසුවේ නරඹන්නම් යනුවෙන්. ඊට පස්සේ ඒ චිත්‍රපටය නැරැඹීමට සිටියත් යෙදුණු වැඩ කටයුතු නිසා චිත්‍රපටය නැරැඹීමට තවමත් කාල වේලාව වෙන්කර ගැනීමට නොහැකි වුණා. ඉදිරියේ දිනෙක ඒ චිත්‍රපටය අනිවාර්යයෙන් ම නැරැඹීමටයි මා සිතාගෙන සිටින්නේ.

“මේ චිත්‍රපටයට ඔබට ලැබුණු ආරාධනාව ඔබ එක්වරම පිළිගත්තාද?”
“හොඳ චිත්‍රපටයක් රඟපාන්න ලැබෙනවා නම් හොඳයි කියන මතයේ මා සිටියා. මා එහි ඉතිහාසය ගැන දැනගෙන සිටියා. ඒ විදියට භාෂා හයකින් රඟ දැක්වීමටත්, ඒ සඳහා වෙන වෙන ම නළු නිළියන් යොදා ගැනීමත් මඟින් නිර්මාණයක් කෙරෙන්නේ නිර්මාණ ශක්තියක් තිබෙන චිත්‍රපටයක පමණක් බවත් මට සිතුණා. ඒ නිසා තාත්තාගේ චරිතයට ආරාධනා කළාට පස්සේ ඒ චරිතය මා භාර ගත්තා.”

ඩග්ලස් රණසිංහගේ බිරිය ලෙස රඟපාන්නේ ප්‍රවීණ රංගන ශිල්පිනියක වන කුසුම් රේණු ඔබ දෙදෙනා මේ සැමියා හා බිරිය ලෙස රඟපාන පළමු වතාව නොවෙයි නේ ද?”
“මීට පෙර නිර්මාණ කිහිපයක දීම අප දෙදෙනාට ඒ අවස්ථාව ලැබුණා. ඉන් මගේ මතකයට නැඟෙන්නේ ‘දිය යට ගිනි’ කියන ටෙලි නාට්‍යයයි. එහි මා රඟ පෑ රහස් පරීක්ෂකවරයාගේ බිරිය ලෙස රඟ පෑවේ කුසුම් රේණුයි. ඊට පසුවත් ඈත් සමඟ මා රඟපාලා තිබෙනවා. මම හිතන්නේ මේ මා හා ඈ රඟපාන්නේ තෙවැනි වතාව බවයි. ඈ ‘ධර්ම යුද්ධය’ චිත්‍රපටයේ බොහොම හොඳ රංගනයක නියැළෙනවා. ඒ වගේමයි ජැක්සන් ඇන්තනීත් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටයේ නළු නිළියන්ගේ රඟපෑම සමස්තයක් වශයෙන් ගත්තොත් හොඳ මට්ටමක තිබෙනවා.”

ලියුම් පිළිබඳ පවසන විට ඩග්ලස් රණසිංහගේ මතකයට නැගෙන්නේ සුන්දරව ගෙවුණු ඔහුගේ පාසල් දිවියයි. ඔහුත් එකක් හෝ දෙකක් ලිපි ලියා ඇති ඒ සමය කොතරම් සුන්දර ද..ඒ දවස්වල ඔබත් යුවතියන්ට ලිපි ලිව්වා?
“එකක් දෙකක් පමණ ලියලා තිබෙනවා. ඒත් ඒ පිළිතුරු ලිපියි. පාසල් යන කාලයේ එහෙම ලිපි ගොඩක් නොලියා ඉන්න යම් හේතුවක් තිබුණා. ඒ පාසල් කාලයේ මගේ සිතේ දලු ලා ලියැලුණු ආදරයයි. ඒ ආදරය කොතරම් මගේ සිතේ දලු ලා වැඩුණත් ඈට කියා ගන්න තරම් ශක්තියක් මට තිබුණේ නැහැ. අපි කුඩා කාලයේ පටන් හැඳීනුවත්, පාසල් වියේ එකටම බස් රථයේ ගියත් ඒ සිතේ ඇතිවුණු හැඟීම කියන්නට මැළි වූයේ මන්දැයි මා තවම කල්පනා කරනවා. එකල විවාද කණ්ඩායමේ නායකයා ලෙස ක්‍රියා කළත්, ක්‍රීඩාවල නියැළී සිටි දක්ෂ ශිෂ්‍යයකු ලෙස සිටියත්, ඒ හැඟීම ඈට කිව නොහැකි වූයේ මන්දැයි මට සිතා ගන්නට බැහැ. පාසල් කාලය අවසන් වුණාට පස්සේ ඇයව සොයා ගැනීමටවත් නොහැකි වෙනවා. ඒ අතර මා කොළඹට පැමිණෙන්නේ තවදුරටත් ඉගෙන ගැනීමේ අදහසින්. එහෙත් ඉගෙන ගැනීම පැත්තකට දමලා මා රඟපෑමට යොමු වෙනවා.”

“වේදිකාව, සිනමාව, පුංචි තිරය යන මාධ්‍ය ත්‍රිත්වය ම හරහා පෙළහැරපාන ඔබ මේ වනවිට පියාගේ භූමිකාවට පමණක් සීමා වෙලා නේද?”
“පියාගේ භූමිකාවට පමණක් සීමා වීමට ලැබීම බොහොම කනගාටුදායක තත්ත්වයක්. මේ කාරණය පිළිබඳ මෙලෙස මා පවසන්නේ මා පිළිබඳ පමණක් සිතලා ම නොවෙයි. පරිණත භාවයට එන විට නළුවෝ නිළියෝ වීසි වෙනවා. මේ කාරණයත් මා පැවසිය යුතුමයි. අමිතා භච්චන් වගේ නළුවෙකු ගත්තොත් ඔහු අදයි නළුවා වී තිබෙන්නේ. ඒ කියන්නේ ඔහු පරිපූර්ණ නළුවකු බවට පත්වන්නේ වයස හතළිස් පහ, පනහ පමණ වයසේදියි. ඒත් ඉස්සර මා අකැමැති ම නළුවා ඔහුයි. එහෙත් දැන් මා කැමැතිම නළුවා අමිතා භච්චනුයි. මේ වියේදී ඔහුට සාර්ථකත්වයට පත්විය හැකි වුවත්, අපේ නළු නිළියන්ට එසේ නොවීමටයි හැකිවී තිබෙන්නේ. එසේ සිදුවී තිබෙන්නේ ඒ අපට නිර්මාණාත්මක පිටපත් නොමැති වීමයි. එක තැනක කැරැකෙන පිටපත් රැසකුයි අපේ නිර්මාණකරුවන් අතරින් නිර්මාණය වන්නේ. තාරුණ්‍ය වටා කතා නිර්මාණය වන එක හොඳයි. ඊට අමුණා ගත හැකි වෙනත් නිර්මාණයි ඉදිරිපත් විය යුත්තේ. දැන් ‘ගෝර්ඩ් ෆාදර්’ චිත්‍රපටය ගන්න. අපට මාලන් බ්‍රැන්ඩෝගේ චරිතය හොඳීන් මතක තිබෙනවා. එහි ඔහු රඟපාන්නේ දිගු චරිතයක් නොවෙයි. ඒත් ඔහුගේ චරිතය අපේ සිතෙන් මැකෙන්නේ නැහැ. ඒ චරිතය වගේ ම එහි කතාවයි අපගේ සිතේ රැදෙන්නේ. මයිකල් කේන් වැනි නළුවන් මා මුලින් ම දකින්නේ මීට වසර ගණනකට පෙරයි. ඔවුන් අද වයසට ගිහින්. ඒත් තවමත් ඔවුන් බොහොම හොඳට රංගනයේ නියැළෙනවා. ඒත් අපේ රටේ වගේ නම් ඔවුන් අද කොහේද කියලා නැහැ. මෙහෙම වෙන්නේ අපේ නිර්මාණකරුවන් ළඟ නිර්මාණාත්මක කතා නොමැතිවීම නිසයි. එතැනින් දුරක් ගිය මේ දවස්වල රූ ගත කෙරෙන ‘තව දුරයි ජීවිතේ’ ටෙලි නාට්‍යයේ පිටපත දැනට නම් හොඳ පිටපතක්. ඒත් බොහෝ පිටපත් කාලයක් ගියාට පස්සේ කඩාගෙන වැටෙන බවයි පෙනෙන්නේ. මේ පිටපතට එහෙම නොවේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.”

සිය පියාගේ අදහස අනුව නීතිඥවරයකු වෙන්න  ඉගෙන ගැනීමට ගිය ඩග්ලස් ඒ අදහස අතහැර දමා රංගන ශිල්පියකු වන්නේ සිය සිතැඟි පරිදි . ඒ අනුව ඔබ ‘විරාගය’, ‘යුගාන්තය’, ‘යුවතිපති’, ‘රෝමියෝ ජුලියට්’, ‘සිව්රඟසේනා’, ‘භාවනා’, ‘කුලගෙය’, ‘අමාන්තය’ ආදී චිත්‍රපට රැසක රඟපෑවා.අද වනවිට ඔබ ඒ පැමිණි ගමන ගැන සිතේ තිබෙන්නේ තෘප්තියක්ද?
“මෙතෙක් පැමිණි ගමන ගැන මා දුකට පත්වෙන්නේ නැහැ. ඒත් ඒ පැමිණි ගමන දෙස ආපසු හැරිලා බලද්දි මගෙන් කෙරිලා තිබෙන්නේ මොනවාද කියන හැඟීම දැනෙනවා. මුල් කාලයේ නිර්මාණවලට දායක වුණත් පසුව යමක් කළ හැකි චරිතයක් මට ලැබුණේ නැහැ. ඒකට හේතුවක් වුණේ කලක් මා රංගනය පිළිබඳ හදාරන්නට ලන්ඩනයට ගිහින් සිටි නිසයි. එහි ගෙවූ වසර නවයක කාලය මට බොහෝ නිර්මාණ මඟ හැරුණා. අනෙක් කාරණය නම් මා එකල රඟපෑවේ තෝරා බේරාගත් නිර්මාණ පමණයි. ඒ නිසා මා රඟෑ චිත්‍රපට ගණන සීමා සහිත වුණා.”
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  566 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  962 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,628 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,736 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,009 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,338 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,410 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,334 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,669 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,442 Downloads



Top 10 Commenters

Latest Comments

Top