සිව්මස් ගැබිනියක් බව වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය වෙලා...පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට අතවරකර ගැබිණියක් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ බාල වයස්‌කාර දැරියගේ මවගේ දෙවැනි විවාහයේ සැමියා බව කියන 52 හැවිරිදි පුද්ගලයකු බවයි පොලොන්නරුව පොලිසිය ප්‍රකාශ කළේ.
සැකකරු පොලොන්නරුව,බෝගහපාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පාසල් ශිෂ්‍යාවක වන මෙම දැරිය රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ අවස්‌ථාවේදී ඇය සිව්මස් ගැබිනියක බව වෛද්‍ය පරීක්‍ෂණවලදී අනාවරණය කර ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
කෙසේ වෙතත් දැරිය මේ සම්බන්ධයෙන් සිය මව දැනුවත් කර නොතිබූ බවයි වාර්තාවන්නේ
අත්අඩංගුවට ගත් පුද්ගලයා එළඹෙන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.