Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
"කවදා හරි මගේ ජීවන සහකාරිය කරගන්න කෙනා මගේ අම්මව හොඳින් බලාගන්න ඕන කියන විශ්වාසයක් මට තිබුණා...."

- "කවදා හරි මගේ ජීවන සහකාරිය කරගන්න කෙනා මගේ අම්මව හොඳින් බලාගන්න ඕන කියන විශ්වාසයක් මට තිබුණා...."Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

46,413 Views
"මං මේ දෙක පටලව ගන්නේ නැහැ.."

" සැබෑ ජීවිතයෙදී මං රඟපාන්නේ නැහැ.."

රනිල් කුලසිංහ නවක නළුවෙක් වුණත් ඔහුට කලාව ඕපපාතිකයක් නෙමෙයි. නර්තන පරම්පරාවකින් පැවත එන ඔහුත් හොද නැට්ටුවෙක්. ඔහු පසුගියදා ජනප්‍රිය නිළි මේනකා පිරිස් එක්ක විවාහ ගිවිස ගත්තා. ඔහු අලුත් ජිවිතේ ගැන මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා.

රනිල් ඔබේ විවාහය ගැන පළමුව සඳහන් කරමු?
පසුගිය සැප්තැම්බර් පළමුවැනිදායි විවාහය සිදු වුණේ. ඒකට මගේ පවුලේ හිතවතුන් පමණයි සහභාගි වුණේ. ගම්පහ පිළිකුත්තුව රජ මහා විහාරයේදීයි විවාහ ගිවිස ගැනීම සිදු කළේ.

* පන්සලක විවාහවීමට තීරණය කළේ ඔබ දෙපොළගෙන් කවුද?
අපි දෙන්නම ඒ එකඟතාවයට ආවා. ආගම දහමට මුල් තැන දීලා විවාහ ගිවිස ගන්න එක දෙදෙනාටම තිබුණු හිනයක්. ඒක නිසා චාම්ව පන්සලේ විවාහ වුණා. ගොඩ දෙනෙක් ප්‍රශංසා කළා ඒකට.

* කවද විතරද උත්වශ්‍රීයෙන් හැමෝටම කියලා විවාහය සමරන්න හිතාගෙන ඉන්නේ?
ලබන වසරේ අප්‍රේල් විතර ඒ කටයුත්ත සිදු කරනවා.

* ඔබ ජනප්‍රිය වුණා පමණයි. විවාහයත් සමඟ ජනප්‍රියත්වය මඳක් අඩු වෙනවා. ඒ නිසා තව කාලයක් තනිකඩව ඉඳලා විවාහ වෙන්න තිබුණා නේද..?
නළුකම කියන්නේ මගේ වෘත්තීය. ජනප්‍රියත්වය එයටයි ආදාළ වන්නේ. මගේ පෞද්ගලික ජීවිතය වෙනමම තියෙන එකක්. මං මේ දෙක පටලව ගන්නේ නැහැ. නළු ජීවිතයේ තීරණ ගන්නේ මම. බොහෝ විට මගේ පෞද්ගලික ජීවිතයේ තිරණ ගන්න මට අම්මා උදව් කරනවා. නිසි කාලේ විවාහවන්න ඕනෑ කියලා කිව්වේ අම්මා. ඒකට ජනප්‍රියත්වය අදාල නැහැ. වෘත්තීය ජීවිතය ඇතුළේ මං නළුවකු පමණයි. සැබෑ ජීවිතයෙහි මං රඟපාන්නේ නැහැ. බොහොම සාමාන්‍ය කෙනෙක් විදිහටයි ජීවත් වන්නේ. ඒ හින්දා මගේ ජනප්‍රියත්වය නිසා විවාහය පමා කරන්නට අදහස් කළේ නැහැ.

* ඇයි මේනකා වගේ සහකාරියක්ව තෝරා ගත්තේ?
මට මේනකාව හමුවන්නේ යාළුවකු මාර්ගයෙන්. එදා ඉඳලා අපි එකිනෙකාව පෞද්ගලිකව හඳුනා ගත්තා. මට සුදුසුම කෙනා ඇය තමයි කියලා දැනගත්තේ ඇය මගේ අම්මට වඩාත් ළං වූ මොහොතේ සිට. මට තාත්තා නැහැ. ඉන්නේ අම්මා විතරයි. කෙදිනක හෝ මගේ ජීවන සහකාරිය කරගන්න කෙනා මගේ අම්මව හොඳින් බලාගන්න ඕන කියන විශ්වාසයක් මට තිබුණා. මේනකා ඕනෑවටත් වඩා ඒ කාර්යය කරනවා. ඇය මගේ අම්මට හරිම ආදරෙයි. ඒක මට ඇති ඇයව ජීවන සහකාරිය කරගන්න.

* ඔය දෙදෙනාගෙන් කවුද මුලින්ම ආදරේ ප්‍රකාශ කළේ?
මං කලින් කිව්වනේ අපි දෙන්නා නිතර කතාබස් කරමින් එකිනෙකාට සමීප වුණා කියලා. කාලයක් ගතවෙද්දී දෙන්නට දෙන්නා ආදරෙයි කියලා වැටහුණා. නමුත් ඒක ප්‍රකාශ කරගත්තේ නැහැ.

* මේනකා රංගන ශිල්පිණියක්. ඇයට වැඩිපුරම හිමි වන්නේ පෙම්වතියගේ චරිතය. ඒ වගේම නර්තන අංගවලදී මේනකාට පිරිමි ළමුන් සමඟ සමීපව කටයුතු කරන්න වෙනවා.
ඔය අහන්නේ මට ඊරිසියාවක් ඇති වෙනවද කියලානේ. කොහෙත්ම නැහැ. මං දන්නවනෙ ඇය නිළියක් කියලා. එහෙම වුණාම ඔවැනි අවස්ථාවලට මුහුණ දෙන්න වෙනවා. අතේ දුරින් ඉඳලා පෙම් චරිත කරන්න බැහැනෙ. මං ඇයව තේරුම් අරගෙන ඉන්නේ.

* දෙන්නම රංගන කටයුතුවල නියැලෙන නිසා වාරණ දමාගෙන නැද්ද?
එයා එයාගේ වැඩ. මං මගේ වැඩ. කලා ජීවිතය තුළදී අපගේ වාරණ නැහැ.

* මොනවද ඔබ දෙපොලගේ ඉදිරි වැඩ කටයුතු?
ලබන වසරේදී ගෙයක් හදන්න හිතාගෙන ඉන්නවා. ඒ වාගේම ටෙලි නාට්‍යයක් මං අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මුලදී. රංගන කටයුතු හොඳින් කරගෙන යනවා. ඊට අමතරව විශේෂ බලාපොරොත්තු නැහැ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  261 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  704 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  2,599 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  15,308 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  8,474 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  9,332 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  11,729 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,345 Downloads

Dese Kathawan - Sajith Madushanka
Dese Kathawan
Sajith Madushanka
⤵  19,246 Downloads

Oba Enawanam - Hasini Samuel ft Omee Ranasinghe
Oba Enawanam
Hasini Samuel ft Omee Ranasinghe
⤵  12,080 Downloads



Top 10 Commenters

Latest Comments

Top