Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
13
ක්‍රිකට් බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු වී ඇති දේ - Video

- ක්‍රිකට් බලධාරීන්ගේ අත්තනෝමතික තීරණ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු වී ඇති දේ - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,080 Views
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ වන විට ක්‍රියාත්මක වන්නේ තේරීම් කමිටුවක් නොමැතිවයි.

මේ අවසරයෙන් ක්‍රිකට් බලධාරීන් බොර දියේ මාළු බාන්නට සූදානම් වන බවට පුවතක් හිරු ස්පෝට්ස් වෙත වාර්තා වුනා.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ක්‍රියාත්මක වන අතරවාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට තීරණය කළා.

ඒ අනුව ඔවුන්ගේ නිල කාලයට අවසන් වීමට නියමිත වුනේ පසුගිය 7 වැනිදායි.

කෙසේ වෙතත් ඊට දින 3 කට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කළා.

හිරු ස්පෝර්ට්ස් හිටපු තේරීම් කමිටු සාමාජිකයන් කිහිප දෙනෙකු සම්භන්ධ කර ගත්තේ ඉල්ලා අස්වීමේ ලිපි භාරදීමෙන් පසුව සිය නිල කාලයෙන් පසුව පැවැත්වෙන තරගාවලියක් සඳහා සංචිතයක් නම් කිරීම කෙතරම් සදාචාරසම්පන්න ක්‍රියාවක් දැයි විමසීමටයි.

එහිදී හිටපු තේරීම් කමිටු සාමාජිකයන් දෙදෙනෙක් ම තමන් මෙම තේරීම් සඳහා කිසිසේත්ම සම්බන්ධ නොවූ බව අප සමගින් පැවසුවා.

එසේනම් තේරීම් කමිටුවක මැදිහත්වීමෙන් තොරව මූලික සංචිතයක් සඳහා හෝ ක්‍රීඩකයන් තේරුවේ කවුද?

මේ පිලිබඳ කළ වැඩිදුර සොයා බැලීමකදී අනාවරණ වුණේ ක්‍රිකට් ආයතනයේ ඉහල නිලධාරීන් කිහිපදෙනෙකුගේ අත්තනෝමතික තීරණයක් මෙලෙස මූලික සංචිතයක් ලෙස එළිදක්වා ඇති බවයි.

එමෙන්ම මේ වනවිටත් අවසන් සංචිතය සඳහා 15 දෙනෙකු තීරණය කර ඇති බවත් තේරීම් කමිටුවක් නොමැති නිසා එම ලැයිස්තුව ප්‍රකාශයට පත් කිරීමට ක්‍රිකට් බලධාරීන්ට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා.

පාකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ සති දෙකක් වැනි කාලයක් පමණයි.

හිටපු තේරීම් කමිටුව ඉල්ලා අස්වීමේ ලිපි භාරදී අදට දින 15 ක් ගතවී ඇතත් නව තේරීම් කමිටුවක් නම් කරන්නට බලධාරීන් පියවර නොගන්නේ තම හිතු මනාපයට එම කටයුත්තත් ඉටු කර ගැනීමටද ?

වීඩියෝව පහතින්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්



Recent Gossip Post




Hitha Hadana - Roshen Anjelo
Hitha Hadana
Roshen Anjelo
⤵  2,973 Downloads

Sada Nidigath - Gayan Gunawardane
Sada Nidigath
Gayan Gunawardane
⤵  2,604 Downloads

Miya Yanna Sudanam - Thushara Joshap
Miya Yanna Sudanam
Thushara Joshap
⤵  51,462 Downloads

Innam Sadaa - Manju Thushara Warnakulasooriya
Innam Sadaa
Manju Thushara Warnakulasooriya
⤵  5,321 Downloads

Duras Wenna - Nadeera Nonis
Duras Wenna
Nadeera Nonis
⤵  11,278 Downloads

Wen Wennata Mata Hamuwu - Raj Illangasinghe
Wen Wennata Mata Hamuwu
Raj Illangasinghe
⤵  2,191 Downloads

Divithura Man Adarei  - Amila Nadeeshani ft Vajira Kamal
Divithura Man Adarei
Amila Nadeeshani ft Vajira Kamal
⤵  1,887 Downloads

London Sanda - Nadeera Sri Ekanayake
London Sanda
Nadeera Sri Ekanayake
⤵  411 Downloads

Husma Dige - Roshan Fernando
Husma Dige
Roshan Fernando
⤵  25,084 Downloads

Hitha Himin Sare - Thiwanka Solangaarachchi
Hitha Himin Sare
Thiwanka Solangaarachchi
⤵  2,969 Downloads



Top 10 Commenters

Latest Comments

Top