ළිඳුල ෆෙයාර්විල් වත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොළඹ සිට නුවරඑළිය දක්වා සංචාරකයන් පිරිසක් රැගෙන ධාවනය වු සුඛෝපභෝගී බස් රථයක් සහ ත්‍රී රෝද රථයක් ගැටීමෙනුයි ඊයේ (11) පස්වරු 6.15 ට පමණ අනතුර සිදුවී ඇත්තේ.
මියගොස් ඇත්තේ ත්‍රී රෝද රථයේ ගමන් කළ දෙදෙනෙක්.
තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ළිඳුල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු නුවරඑළිය රෝහලට මාරු කර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.