Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
27
පණ නැතිවූ කේට් නිසා රජ මැදුර ගිණියම් වෙයි !!!

- පණ නැතිවූ කේට් නිසා රජ මැදුර ගිණියම් වෙයි !!!Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,052 Views
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආව ගමන් වත්ත පහලට ගිහින් ලෙලි යන්න සෙල්ලම් කරලා හවස 5 වෙද්දි ඇග පත හෝද ගෙන රූපවාහිනිය ඉස්සරහට ඇවිත් අපි බැලූවෙ කාටුන්. දැන් උදේට වැඩට යන ගමන් පාර අයිනේ තියෙන පත්තර ලෑල්ලෙන් පත්තරයක් අරන්  Headline  ටික කියවන ගමන්ම අපි බලන්නෙත් කාටුන්. බැරිම වුණොත් රූපවාහිනියෙන් පත්තර පෙන්නද්දි පත්තර කාටුන් ටිකත් බලා ගන්නවා.


එහෙම බලද්දි පොඩි කාලෙ වගේම මේ කාලෙත් කාටුන් බලන්න අපිට තියෙන ආසාව නං එහෙම්මයිනේ. වෙනසකට තියෙන්නේ පොඩි කාලේ බලපු කාටුන් වල හිටියේ වීරයෝ, මේ කාලේ බලන පත්තර කාටුන් වල ඉන්නේ ජෝකර්ලා. පත්තර කාටුන් එකක් අදිනවට වඩා අද වෙද්දි පත්තර කාටුන් එකකට මූණ දාගන්න හරි අමාරුයි. මොකද හැමෝම චාලි චැප්ලින්ලා වෙලානේ.

හැබැයි දැන් ඔන්න එකපාරටම ඒ කාටුන් අතරට අලූත්ම අලූත් රාජකීය මූණක් එකතු වෙලා. කිසිම විශේෂ කතාවක් නොකර, සිදුවීමක් නැතුව, මූණක් කාටුන් වෙනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. අනික රාජකීය මූණක් එහෙම වෙන්න කොහෙත්ම ඉඩක් නැහැ.

 ඒ වෙන්න බැරි දේ කරේ චිත්‍ර ශිල්පී Alexsandro Palombo.  ඔහු එංගලන්ත රජ පවුලේ නම්බුව කාටුන් එක්ක කරා. එකක් ඇදලා නැවැත්තුව නං කමක් නෑ 50ක්ම ඇන්දා. ඒ ඇදලා නැවැත්තුවනං අවුලක් නෑ, ඒත් ඔන්න අන්තරජාලයටත් ඒ කාටුන් ටික දාලා රජ මාලිගයටත් භාර දීලා.

එංගලන්තේ රජ පවුලේ නම්බුව කියන්නේ කේට් කුමරියට. හැබැයි ඇයගේ මේ කාටුන් දැක්කම ගොඩක් අයගේ තරහා නිකංම යට ගියා. මොකද බකිං හැම් මාලිගාවෙ සිරිදෙව් දුවගේ මෙහෙම ලස්සන කාටුන් එකක් කවුරුත් දැකලා තිබුණෙ නෑනේ. අනික ඉතිං තරහා ගියා කියලා මොකද,  Alexsandro ගේ හිස ගසා දාන්නයෑ.

කේට් කුමරිය රජ පවුලේ කොටස්කාරයෙක් වුනු දවසේ ඉදලාම ඇන්ද විශේෂ ඇදුම්, තොප්පි, සපත්තු මේ කාටුන් වලින් බලා ගන්න පුලූවන්. කාටුන් පසුබිමට අරං තියෙන්නේ  බකිං හැම් මාලිගාව. වැඬේ කියන්නේ සමහර කාටූන් වල රැජිනත් කේට් එක්ක කාටුන් වෙලා.
දැන් එහෙනං ඔබත් කේට් කුමරියගේ අති විශෙෂ පණ නැති ඡායාරූප, ඒ කිව්වෙ මේ කාටුන් ටික බලන්න. ඔබට හිනා ගියාට මොකද රාජ උදහසට නං ලක් වෙන්නේ නෑ ෂුවර්...


























































































Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,185 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,930 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,236 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,468 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,217 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,481 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,996 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top