Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
අසම්මත පෙමින් වෙළුනු සැමියා නිසා වෙනත් ආදරයක් සොයා ගිහින් ජීවිතය වරද්දාගත් සුජාතාගේ කඳුළු කතාව - Video

- අසම්මත පෙමින් වෙළුනු සැමියා නිසා වෙනත් ආදරයක් සොයා ගිහින් ජීවිතය වරද්දාගත් සුජාතාගේ කඳුළු කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

98 Views
"මම හොයපු ආදරේ මහත්තයගෙන් ලැබුනේ නෑ"

"දවසක් පාන්දරක ඒ සම්බන්ධය මහත්තයාගෙ අතටම අහුවුණා"

"මම ආදරය මොකක්ද කියලා දැනගත්තෙ එයාගෙන්"

කලු කියන්නේ වර්ණයක්. දීප්තියක් නැති අඳුරු වර්ණයක්. ඒ වුණාට මේ කලු පාටම ජීවිතය දීප්තිමත් කරනවා. වර්ණවත් ජීවිත ඉපදුනේ කලුම කලු පදාසෙකින් උරුම වුන කළු ලෑල්ලකින්. කලු පදාසෙක සුදු හුණු කූරකින් ජීවිතය වර්ණ ගන්වන්න පුළුවන්. අපේ ජීවිතත් ඒ වගේම තමයි. මේ සුජාතාගේ කතාවයි.

සුජාතා ජීවත්වුණේ කොළඹ ප්‍රදේශයේ. පවුලේ සහෝදර සහෝදරයින් 6ක් එක්ක ජීවිතය ගත කළ ඇගේ පියා ව්‍යාපාරිකයෙක්. මව ගෘහණියක්.
ඇය කුඩා කාලයේ පිරිමි ළමයෙක් මෙන් හැසිරුණු අතර මිතුරියන් සමග විනෝද වීමටද ඇය ප්‍රියකරනවා. නමුත් ඇය නිවසේ ගත කරන කාලයට එතරම් කැමැත්තක් තිබුනේ නැහැ.

ඒ  ඇගේ පියා මත්පැන් බීගෙන ඇවිත් නිතරම වගේ නිවසේ රණ්ඩු සිදුවෙන නිසායි. මවට පහරදීමටද ඔහු පෙළෙඹෙනවා. ඒ නිසාම සුජාතා නිවසෙන් පිට තමයි නිතරම ගතකරන්නේ. ඇගේ ලොකු අම්මා ලඟ තමයි ඇය වැඩියෙන් කාලය ගත කරන්නේ.

ඔහොම කාලය ගතකරනකොට සුජාතාගේ දෙමව්පියන් පවුල් ප්‍රශ්ණ නිසාම වෙන්වෙනවා. ඒ නිසාම සුජාතාගේ පියා ඇයට පවසනවා වැඩි ආරක්ෂාවට ලොකු අම්මාගේ නිවසේ රැඳෙන්න කියා.

පසුව කාලය ගතවෙනකොට සුජාතාගේ පාසල් ජීවිතය කඩාකප්පල් වෙනවා. පසුව ඇය ඇඟලුම් කම්හලක රැකියාව කරන්න පටන් ගන්නවා. ඔය අතරතුර ඇය මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණයෙකු සමග සම්බන්ධයක් පටන් ගන්නවා. මේ සම්බන්ධයට ගෙදරිනුත් කැමති වෙනවා.

නමුත් සුජාතා වැඩකරපු ඇඟලුම් කම්හල වසාදැමීම නිසා ඇය වෙනත් ඇඟලුම් කම්හලට වැඩට යනවා. පසුව ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය නතර වෙනවා.

පසුව තවත් තරුණයෙක් සමග ඇය ආදර සම්බන්ධතාවක් පටන් ගන්නවා. පසුව ගෙදරිනුත් කතාකරලා මොවුන් දෙදෙනාව විවාහ කරලා දෙනවා. ඔහු සුජාතාට වඩා අවුරුදු 11කට වැඩිමල්.

ඔවුන් දෙදෙනා විවාහ වෙන්නේ සුජාතාට අවුරුදු 18ක් පමන වනවිටයි. මිළ මුදල් , යාන වාහන හැමදේම තිබුනත් කාලයක් යනකොට සුජාතා හොයපු ආදරය සැමියාගෙන් ලැබුනේ නැහැ. පළවෙනි දරුවා ලැබුනත් ඔවුන් අතර ගැටළු මතුවුණා.

සුජාතාගේ සැමියා වැඩියෙන් පිරිමි ආශ්‍රය කරන නිසා සුජාතාට එය විශාල ගැටළුවක් වෙනවා. පසුව ඇය ඒ ගැන වැඩි වැඩියෙන් හොයන්න ගන්නවා. නමුත් ඇය ඒ කිසිදෙයක් ගැන දැනුමක් තිබුනේ නැහැ.

ඇය මේ සම්බන්ධයෙන් මන්ත්‍ර සාස්තර කරුවෙකු හමුවී මේ ගැන සොයා බලනවා. සැමියාගේ සෙනෙහස ආදරය නැති ඇය කාලයක් යනකොට සැමියාට ගෙදරට හොරෙන් මේ සාස්තරකරු සමග අනියම් සම්බන්ධයක් පටන්ගන්නවා. නමුත් ඇය මේ සම්බන්ධය ඇතිවුණේ කොහොමද කියන්න දන්නේ නැහැ. ඇය සැකකරන්නේ ඒ පුද්ගලයා මන්ත්‍ර ගුරුකම් කරලා කියලයි.

කොහොම වුණත් මේ සම්බන්ධය දිගින් දිගට ගිහින් පසුව ඇගේ සැමියාට මේ සම්බන්ධය ගැන අතටම අහුවෙනවා.

පසුව සුජාතාගේ සැමියා හැමෝටම මේ ගැන දැනුම් දීලා ඇයට ලැජ්ජ කරනවා. පසුව ඇයගේ සැමියා ඒ සාස්තරකරු ලඟටද ගොස් ගුරුකම් කරලා බිරිඳව ලබාගත්තා කියලා බැනවදිනවා. පසුව ඒ සිදුවීම එතනින් අවසන් වෙනවා.

නමුත් කාලයක් යනකොට ආයෙත් සැමියාගේ පිරිමි ආශ්‍රය ගැන ආරංචි වෙනවා. ඔය ප්‍රශ්ණ අතරතුර ඇය මානසික ලෙඩෙක් වෙනවා. ඔහොම ඉන්නකොට ඇයට තවත් දරුවෙක් ලැබෙනවා.

නමුත් ඊට පසුව ඇය හොඳටම ලෙඩ වෙනවා. ඇය මුල් කාලයේ දැනගන්නවා සැමියා ඇයට හොරෙන් ලෙඩකට බෙහෙත් ගන්න බව. කෙසේවෙතත් පසුව ඇය දැනගන්නවා ඇය සහ සැමියා HIV ආසාධිතයන් වෙලා කියලා.

අසම්මත පෙමින් වෙළුනු සැමියා නිසා වෙනත් ආදරයක් සොයා ගිහින් ජීවිතය වරද්දාගත් සුජාතාගේ කඳුළු කථාව පහතින් බලන්න

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top