Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
12
"අදටත් තරුණ නිළියෝ මගේ පෙම්වතිය වෙන්න පොරකනවා.තරුණියන්ගේ පෙම්වතා වුණු එකම නළුවා මම වෙන්න ඇති.." - Exclusive

- "අදටත් තරුණ නිළියෝ මගේ පෙම්වතිය වෙන්න පොරකනවා.තරුණියන්ගේ පෙම්වතා වුණු එකම නළුවා මම වෙන්න ඇති.." - ExclusiveHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,360 Views
"උපාධිධාරියෙක් කියලා හිතුවට O/L විතරයි කරේ.."

"තාත්තා කිව්වේ කොපි නොකර උඹේ ක්‍රමයට පලයං කියලයි.."

"ඉස්කෝලේ කාලේ ගුරුවරුන්වත් හිනැස්සුවා.."

ටෙනිසන් කුරේ. මේ නම ඒ රූපය සිනමාවට නැතුවම බැහැ. ලෝකේ තියෙන අමාරුම දේ තමයි තවත් කෙනෙකුගේ මුවගට හිනාවක් නංවන එක. නමුත් මේ අසහාය රංගන ශිල්පියාට නම් එහෙම නැහැ. ඔහු කතා කරන හැම මොහොතකම හිනාවෙන්න පුළුවන්.සිනමාපට සියයකටත් වඩා රංගනයෙන් දායක වුණු ඔහු රංගනයට අවතීර්ණ වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවයි. එවකටත් ඔහු තිරපිටපත් රචනයට දක්ෂයෙක්. ඔහුගේ සිනමා තිරපිටපතකින් ඔහුගේ රංගන හැකියාව ඉස්මතු වෙද්දී ඔහුව සිනමාවට අවශ්‍ය චරිතයක් බවට පත් වෙනවා. එදා හා අද ඔහුගේ ජිවිතේ කෙලෙසින්ද කියා දැන ගන්න සිනමාවේ විහිළුකාර රජ්ජුරුවන්ව හිරු ගොසිප් වෙත එකතු කර ගත්තා. මේ ඔහු ගැනයි.

ටෙනිසන් කුරේ කියන සිනහමුසු චරිතය තීරයෙන් පිටත් විහිළුකාරයෙක්ද මුලින්ම ඒ ගැන කතා කරමු..?
ලෝකේ තියෙන අමාරුම දේ තමයි විහිළු කරන එක. නමුත් මට උපතින්ම ඒක පිහිටලා. මම හිතන්නේ මට වඩා ගොඩක් බාල ළමයි මටත් වඩා වයසක පෙනුමයි. හිනාවෙලා සතුටින් හිටියා නම් මම වගේ තරුණ පෙනුමෙන් ඉන්න පුළුවන්. මම විහිළු කරන එක හිනාවෙලා සතුටින් තව කෙනෙක් තියන එක නිරන්තරයෙන්ම කරනවා. එකට කැමරාව අවශ්‍ය නැහැ.

ඔබට ඉන්නේ එක දියණියයි. ඇය පෙම්වතියක් කියලා දැනගත් මොහොතේ ඔබ අපූරුවට විහිළුවකින්ම හොද නරක කියලා දුන්නා කියලත් කියනවා..?
ඔව්. තාත්තා කෙනෙක් හැටියට මම නම් හිතන්නේ දරුවන්ව දඩුවම් දීලා ගහලා බැනලා හදන්න බැහැ. ආදරෙන් සුහදව හොද නරක පහදලා දෙන්න ඕන. මගේ දුව පාසැල් යන කාලේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නවා. මට ඒ ගැන ආරංචි වෙන්නේ මගේ නෑදෑ කෙනෙක්ගෙන්. මම දුවගෙන් ඒ ගැන ඇහුවේ නැහැ. මම කවියක් ලිව්වා නරක දෙයක් කලොත් එහි ප්‍රථිපලය නරක බව. එයා පාඩම් කරන මේසේ ළග තිබුණු බිත්තියේ ඒක ඇලෙව්වා.දුව ඒක කියවලා හොදමයි තාත්තේ කියලා යටින් ලියලා තිබුණා. දැන් එයා විවාහකයි. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බිෂොප් විද්‍යාලයේ ගුරුවරියක්

විහිළු කරන්න ගිහින් නේද බිරිදව මුණගැහෙන්නේත්..?
එයා අපේ ගෙදරට එනවා මගේ තාත්තාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරිම අහිංසක චරිතයක්. වැඩිය කතාබහ කරන්නේ එහෙම නැහැ.මම ඒ කාලේ හරිම දගයි. එයාට කියලා වෙනසක් නැහැ විහිළු කරා. අන්තිමේදී දන්නෙම නැතුව අපි පෙම්වතුන් වෙලා පසු කාලයේදී දෙමාපියන් කතාබහ කරලා වැදගත් විදිහට විවාහ වුනා. විවාහ වෙන්නේ නැහැ කන්‍යා සොහොයුරියක් වෙනවා කියලා හිටපු කෙනාගේ හිත තමයි මම වෙනස් කලේ.

ඒ ප්‍රථම ප්‍රේමයද..?
හුගක් අය කියනවා ප්‍රථම ප්‍රේමය විවාහයෙන් කෙළවර වුණා කියලා. නමුත් ඊට කලින් පෙම්වතා පෙම්වතිය වෙලා තියෙනවා. බොරුවට කියන්නේ. මගේ ලග නම් බොරු නැහැ ඕන දෙකට. මම සාමාන්‍යපෙළ කරලා ඉන්න කාලේ එයාව මුණගැහුනත් ඊට කලින් පුංචි සම්බන්ධතා තිබිලා තියෙනවා. ඒවා කොලුකමට කරපුවා.

ටෙනිසන් කුරේ කියන චරිතය හාස්‍යය උපදවන මනුස්සයෙක්ව කළේ පාසැල් කාලෙන්ද..?
පුංචි කාලේ ඉදලා නහයට අහන්නේ නැති කෙනෙක්. ගෙදරදී වැඩ කරගෙන එන්න කියලා වැඩක් දුන්නොත් මම කරගෙන එන්නේ නැහැ. දවසක් චිත්‍ර සර් චිත්‍රයක් අදින්න දුන්නා. මම හැමෝම ඇදලා ඉවරවෙනක්ල්ම ඒ වැඩේ කරේ නැහැ. මුහුදු වෙරළක් අදින්න දුන්නේ. සර් ළමයි ලගට එනකොට මම කොලේට වතුර හලලා යන්තම් නිල්පාට තැවරුවා. පොල්ගස් දෙකකුත් ඇන්දා. කපුටෝ කිහිපදෙනෙකුත් ඇන්දා. ඒත් සර් ඇදපු චිත්‍රයේ පොල් ගස් දෙක යා කරලා දැල් ඇදලා තිබ්බ. සර් ලගටම ආ නිසා මට ඒක අදින්න බැරි වුනා. මට බැන්නා සර්. මම කෑ ගහලා කිව්වා අනේ බුදු සර් මම පපුව අමාරු කාරයෙක්. මට ගහන්න එපා කියලා. සර් ඇහුවා කෝ දැල කියලා මම කිව්වා දැල් අදින්නේ පාන්දරින්නේ. ධීවරයෝ තේ බොන්න ගියා ඇවිත් දැල් අදියි කියලා. සර් හිනා වුණා. තව දවසක තේ වත්තක් එක්ක දළු කඩන කාන්තාවෝ අදින්න දුන්නා. මම තේ වත්ත ඇන්දා. සර් ඇහුවා කෝ දළුකඩන අය කියලා  මම කිව්වා අද කම්කරුවෝ ස්ට්‍රයික් එකක් කියලා. ඒ වගේ විහිළු කරා. ඒ වුණාට මම ශිෂ්‍ය නායකයෙක්. ඒ වගේම බොහෝ ක්‍රීඩා කල කෙනෙක්. හරි සුන්දරයි ඒ කාලේ.

නළුවෙක් වෙද්දී දෙමාපියන් කිව්වේ නැද්ද බොරු වැඩ නොකර ඉගෙන ගෙන හොද රැකියාවක් කරන්න කියලා..?
මම නළු පිස්සෙක්. ක්ෂේක්ෂ්පියර්ගේ කතා වලට රහ වැටිලා හිටියේ. මගේ තාත්තා උගත් මනුස්සයෙක් ඉංග්‍රීසි සාහිත්‍ය දැණුම ඔහුට හොදින් තිබුනා. තාත්තා මට කිව්වේ මෙච්චරයි" එක එක්කෙනාගේ නාට්‍ය කොපි නොකර උඹේ ක්‍රමයට පලයං.."කියලයි. මම මගේම ක්‍රමයක් හොයා ගත්තා කියලා හිතනවා.

නළු පිස්සුව නිසා පිටපත් ලියන්න ඔබ පුරුදු වුණා. ඇතැම් නිෂ්පාදකවරුන් ඔබව ප්‍රතික්ෂේප කළා. නමුත් ටෙනිසන් කුරේ කියන චරිතය අද සිනමාවට නැතුවම බැහැ. රංගනයට ආරම්භය ගත් හැටි මතක් කරමු..?
හැමෝම හිතුවට මම උපාධිධාරියෙක් කියලා මම  O/L විතරයි කරේ. නමුත් දැනුම තියෙනවා.පුංචි කාලේ ඉදලා දිනේෂ් ප්‍රියසාද් කියන්නේ මගේ හොද යාලුවෙක්. මම O/L කරලා ඉන්න කාලේ එයාගේ ගෙදර යනවා. එයාගේ අයියා අම්මා තාත්තා මට ආදරෙයි. උදෙන්ම ගිහින් රෑට ගෙදර යන්නේ. ඔය කාලේ මම නොම්බර එකයි කියලා සිනමා පිටපතක් ලිව්වා.දිනේෂ් මාව ගොඩක් උනන්දු කරා. රාජ් රණසිංහ තමයි නිෂ්පාදනයට තෝරා ගත්තේ. එයා දිනේෂ්ගේ යාලුවා. පිටපත මම ලිව්වේ ප්‍රධාන චරිතය මම කියලා ඔලුවේ තියාගෙන. රාජ් කිව්වා මට රගපාන්න දෙන්න බැහැ. අලුත් නිසා. අමාරුවෙන්නේ නිෂ්පාදනය කරන්නේ කියලා. මට පුදුම දුකක් ඇති වුණේ. පස්සේ කොහොම හරි රාජ් කිව්වා ගොත ගහන සීන් එකක් කරන්න කියලා. මම කරා. මම හොදට කරපු නිසා ඔහු මාවත් රගපාන්න ගත්තා.84 අවුරුද්දේ පෙරළිකාරයෝ ලියලා ඒකේ රගපෑවා.ප්‍රධාන චරිතය රගපෑවේ ඉන්දීය නිලියක්. කාජල් දේවදත්ගේ අම්මා. ඒකත් පුදුමාකාර විදිහට වාසනාව ගෙනාවේ.ඒ තමයි ආරම්භය.

සිනමා පිටපත් 30ක් විතර ලියලා සිනමා කෘති 100ට විතර රගපෑ ඔබ තවමත් සිනමා තිරයේ පෙම්වතා. එහෙම නේද..?
මගේ හොදම යාලුවා දිනේෂ්. එයාගේ දුව මගේ දුව වගේ. ඒත් ශේෂද්‍රිත් මගේ පෙම්වතිය වුණා.අදටත් තරුණ නිළියෝ මගේ පෙම්වතිය වෙන්න පොරකනවා.තරුණියන්ගේ පෙම්වතා වුණු එකම විකට නළුවා මම වෙන්න ඇති.

හිත ගිය නිලියෝ හිටියද..?
වැඩිම වාර ගණනක් මගේ පෙම්වතිය වුණේ දිල්හානි ඒකනායක.නිලන්ති ඩයස්, සසන්ති ජයසේකර, සුමනා ගෝමස්, මොරින් චාරුණි. මේ හැමෝම මගේ පෙම්වතියෝ විදිහට හිටියා. සිනමා තිරයේ.

 තවමත් ඔබ සිනමාවට සම්බන්ධයි. වැඩිවෙන ඉල්ලුමට අය කරන මුල්‍ය වටිනාකමත් වැඩි ඇති..?
මම කොහොමත් මගේ රගපෑමට ලොකු මුදලක් අය කරනවා. තුට්ටු දෙකට රගපාන්නේ නැහැ. ඒ වගේම තවම ඉල්ලුමත් වැඩියි. මමයි බන්දුයි එකට රගපාන නිර්මාණයකට සම්බන්ධ වුණේ අවුරුදු හයකට පස්සේ. ඒක දිනේෂ්ගේ චිත්‍රපටියක්.


Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  4,581 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,921 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,968 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,165 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,320 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,902 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,099 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,535 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  13,159 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,729 Downloads



Top 10 Commenters

Latest Comments

Top