පසුගිය දිනවල ඇති වූ වර්ෂාපතනය හේතුවෙන් මාවනැල්ල - අම්බුළුවාව - පහත අම්බලාව අක්කර 100 ගම්මානයේ ඊයේ (11) ඇති වූ නායයාමක් නිසා අවදානම් කලාපයේ සිටි පවුල් 05 ක් ඉවත් කර තිබෙනවා.
ඔවුන් මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බවයි මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් ප්‍රියංගනී පෙතංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මෙම නායයාම ආරම්භ වී ඇත්තේ හෙම්මාතගම ගම්පොල මාර්ගයේ තුනේ කණුව අසළින්. වැසිසහිත කාලගුණයත් සමග විශාල ශබ්දයක් නගමින් මෙම නායයෑම සිදු වි ඇත්තේ සවස 4.00 ට පමණ බවයි වාර්තාවුණේ.
මෙම නායයෑම හේතුවෙන් විශාල ගල් සහ පස් සේදී පහතට ගලා ගෙන පැමිණිම නිසා ගම්මානයේ නිවාස කිහිපයකට යෑමට තිබු ප්‍රධාන මාර්ගයක්ද නායයෑමෙන් දැඩි හානියට පත් වි ඇති බවත් පැවසෙනවා.