අතුරු මාර්ගයකදී ත්‍රී රෝද රථයකින් පැමිණ තමන් පැහැරගෙනගොස් අතවර කර තමා සතු රන්මාලය සහ දේපල කොල්ල කෑ බවට අසත්‍ය පැමිණිල්ලක් කළ ප්‍රසිද්ධ පාසලක දැරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දැරිය විසින් පැහැරගත් බව කී රන්මාලය,ජංගම දුරකථනය,වයිලීනය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
උපකාරක පන්තියකට යමින් සිටියදී අදාල දැරිය පැහැරගත් බව දොඩංගොඩ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.නමුත් පොලිස් මුලික පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ පැහැරගත් බව කී දිනට දින තුනකට පසුව මෙම පැමිණිල්ල කර ඇති බවයි.
එමෙන්ම තමාව පැහැරගත් පිරිස තමා නොදන්නා ස්ථාන කිහිපයකදී අතවර කළ බව ද පැමිණිල්ලේ සඳහන්.
මේ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දැරිය පෙන්වූ අතුරුමාර්ගවල තිබූ සියලු සීසීටීවී දර්ශණ පරික්ෂා කර බලා තිබෙනවා.එහිදී දැරිය පැවසු කිසිදු කරුණක් සනාථ වී නෑ.
මේ හේතුවෙන් පොලිසිය විසින් දැරියගේ සමීපතම යහළුවන් කිහිප දෙනෙකුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.
එහිදී හෙළිව තිබෙන්නේ එදින කිසිදු පැහැරගැනීමක් හෝ උපකාර පන්තියක් නොමැති බවත් ඇය සිය පෙම්වතා සමග පයාගල මුහුදු වෙරළේ මෙන්ම තවත් ස්ථාන කිහිපයකම පෙම් සුව විද ඇති බවයි.
ඒ අනුව පැහැරගත් බව කී වයිලීනය සිසුවියගේ යහළුවෙකුගේ නිවසේ තිබියදී සොයාගත්තා.
ජංගම දුරකථනය පෙම්වතාගේ නැන්දා බාරයේ තිබී හමුවී ඇති අතර මාලය දැරියගේ අල්මාරියේ ඇඳුන් අතර තිබී සොයාගෙන තිබෙනවා.
පසුව දැරියගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදී ඇය ප්‍රකාශ කර තිබෙන්නේ පෙම්වතා සමග ගිය ගමන නිවසට වසන් කිරීම සඳහා මෙම පැමිණිල්ල කළ බවයි.
පොලිසිය නොමග යැවූ බවට අත්අඩංගුවට ගත් දැරිය අධිකරණයට ඉදිරිපත් කීරීමට නියමිතයි.