පසුගිය 05 වැනිදා දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි කුලී රථගාල තුලදී පොලුවලින් පහරදී තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ අදාල සැකකාර පුද්ගලයා ඊයේ දිනයේදී දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාල ඝාතන සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැලක සේවය කරමින් සිටි 37 හැවිරිදි කම්කරුවෙකු අත්අඩංගුවට ගැනුණා.
දඹුල්ල නගරයේ පිහිටි කුලී රථගාල තුලදී පොලුවලින් පහරදී ඝාතනයකර තිබූ සනත් කුමාර නමැති 34 හැවිරිදි තරුණයාගේ සිරුර පසුගිය 05 වනදා අලුයම සොයා ගැනුනා.
දඹුල්ල, වල්ගම්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි සනත් කුමාර මෙම තරුණයා මියයන විට කාන්තා ඇඳුම් වලින් සැරසී සිටි තිබෙනවා.
ඝාතනය සඳහා සැකපිට අත්අඩංගුවට පත් පුද්ගලයා ගකාලයක සිට රාත්‍රී කාලයේ දඹුල්ල නගරයේ සැරිසරන මියගිය තැනැත්තා සමඟ අසම්මත හැසිරීම් වල නිරතවන පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
එවැනි අවස්ථාවකදී ඔහු සතුව තිබූ රුපියල් තිස්පන්දාහක් මුදලක් සොරාගැනීමේ සිද්ධියකට මෙම ඝාතනය සිදුකර ඇති බවයි අත්අඩංගුවට පත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙළිවී ඇත්තේ.
පොලීසිය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්වූ තැනැත්තා ඇතැම් දිනවල රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී මොහු අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා ඉදිරිපත් කොට තිබුණු අයෙකු බවයි.
ඝාතනය සිදුවීමේ පසුව සනත් කුමාරගේ සහෝදරිය කියා සිටියේ මියගිය තම සහෝදරයාගේ දුරකථනයෙන් අලුයම 3ට පමණ කිසියම් පුද්ගලයෙකු තමන්ට ඇමතුමක් ලබා දී පරුෂ වචනයෙන් බැණ තම සහෝදරයා ඝාතනය කළ බවට පැවසූ බවයි.