Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
09
"මගේ පුංචි කාලේ ගෙවුණේ අම්මාගෙයි තාත්තාගෙයි ප්‍රශ්නවලට මැදිවෙලා උසාවියේ.." දුලීකා මාරපන

- "මගේ පුංචි කාලේ ගෙවුණේ අම්මාගෙයි තාත්තාගෙයි ප්‍රශ්නවලට මැදිවෙලා උසාවියේ.." දුලීකා මාරපනHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

58,361 Views
"මට මාස 5දී තාත්තා අපෙන් අයින් වුණේ .."

"මටත් එවැනි සම්බන්ධතා තිබුණා.."

කලාත්මක නිර්මාණ වලින් වැඩිපුරම දකින ඇය රංගනය තුල නිහතමානි රංගන ශිල්පිනියක්. ඇයගේ ගහම්භිර රංගනයට බොහෝ දෙනා ඇලුම් කරනවා. දුලීකා පුංචි කාලේ ගෙවා දැම්මේ කොහොමද කියලා හරි අපුරු කතාවක් මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුනා. මේ ඒ ගැනයි.
 

උසාවිය හුරු පුරුදු තැනක් වුණා
මගේ පුංචිකාලෙ ගෙවුණෙ ‍අනෙක් ළමයින්ට වඩා ‍වෙනස්ම අත්දැකීම් ගොඩක් එක්ක.ඒවායෙන් ඇතැම් සිදුවීම් මතක‍යේ තිබෙනවා වගේම ඇතැම් ඒවා මගේ අම්මා‍ පසුකාලීනව මට කියු දේවල්. මම ඉපදු‍ෙණ් 1976 වසරෙදි කෑගල්ල කියන සුන්දර ගමේ. අපේ පවුල ඒ ප්‍රදේශයේ කවරුත් හඳුනන පවුලක්. මට මාස අටේදි යන්තම් බහ තෝරන වයසට එනවිට මගේ තාත්තා අම්මාවත්, මාවත් තනිකර දමා ගිහින්. ඔහු හමුදා නිලධාරියෙක් නිසා වෙන්න ඇති එවැනි දැඩි තීරණයක් ගන්න ඇත්තේ. අම්මා ගුරුවරියක්.අම්මයි, තාත්තයි වෙන්වෙලා මගේ අයිතිය ලබාගන්න වසර තුනක් නුවර උසාවියේ නඩුකියා තිබෙනවා. අපේ රටේ තිබෙන සාමාන්‍ය නීතිය වයස අවුරුදු පහට අඩු ළමයෙක්නම් ගැහැනුු දරුවා පියාටත් පිරිමි දරුවා මවට වුණත් බොහොම ආන්දෝලනාත්මක විසඳුමක් දුන් නඩු තීන්දුවක් බවට එදා මගේ දෙමවුපියන්ගෙ නඩු තීන්දුව ප්‍රසිද්ධ වී තිබෙන්නේ ගැහැනු දරුවා මවට අයිති වු නිසයි.මට මතකයි ඒ කාලෙ උසාවියේදි ටික දිනක් තාත්තා ළඟත් තව ටික දිනක් අම්මා ළඟත් ඉන්නට නියම කරනවා. මමත් ඒ විදිහට ඔවුන් දෙදෙනා ළඟම සිටිනවා.ඔවුන් දෙදෙනාගේ ප්‍රශ්නයට මැදිව කුඩා කාලය උසාවියට ගෙවා දමන්න සිදු වුවා.

බෝඩිමේ සුන්දර කාලයක්
උසාවියේදි අම්මා මගේ අයිතිය හිමි වුවත් කොයි වෙලාවක හෝ තාත්තා මාව අරගෙන යයි කියන සැකය අම්මාගේ සිතේ තිබුණා.

ඒ නිසා හැම වෙලේම මාව සඟවාගෙන හදාවඩා ගන්නයි ඇය උත්සාහ කළේ.මට මතකයි වරක් අප්පච්චි මාව අරගෙන යනව කියල ආරංචියක් ඇවිත් ඒ බයට මහනුවර බෝඩ්කර කිංස්වුඩ් පාසලට මාව ඇතුළත් කළා.එතකොට තුන වසරෙ විතර .මගේ වයසෙම මම වගේ පෙනුම තියෙන දහ දෙනෙක් සමග මාව බෝඩ් කළේ තාත්තා ආවත් මාව හඳුනාගන්න බැරිවෙන්න. ඒ කාලය හරිම සුන්දරයි.අපි හිටිය බෝඩිමේ හිමිකාරිය උංගි අක්කා අපිට හරිම ලෙන්ගතුයි. ඇය අපේ ඕනෑ එපාකම් සොයා බලා ඉටුකළා.සවසට අපි දහදෙනා පුංචි පුංචි නාට්‍ය රඟ දක්වනවා. ඉංග්‍රීසි නාට්‍ය රඟපානවා.

අද වගේ එදා නුවර ජනාකීර්ණ පරිසරයක් තිබුණේ නෑ.අපි උදේට දළඳා වහන්සේ බලාගෙන පාසල් ගිය අයුරු අදත් සිහිවනවිට ලොකු භක්තියක් සිතට දැනෙන්නෙ. ගීත ගායන තරගයෙන් ජයග්‍රහණ පවා ලබාගෙන තිබෙනවා.

එයට අමතරව විනය ගරුක ළමයින්ට දෙන සම්මානයත් වරක් හිමිවුණා.

විශ්වවිද්‍යාල වරම්
මහනුවරින් නැවතත් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලයට එනවා. එතකොට කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකාවෙ විදුහල්පතිනිය ලෙස සිටියෙ ශීලා රත්නායක මහත්මිය. ඇය මගේ ජීවිතයට සුවිශේෂි වු චරිතයක්. මහනුවරදි විනය ගරුක සිසුවියක් ලෙස සම්මානගත් මා කෑගල්ල ජෝසප් බාලිකාවේ සිටන දඟම සිසුවිය බවට පත් වුණා. බොහෝ වෙලාවට දඟවැඩ කරල විදුහල්පතිනියටත් අසුවෙච්ච අවස්ථා තිබුණත් කවදාවත් එතුමිය දඬුවම් කළේ නෑ.හැමදාම පන්තියෙන් හොරෙන් පැනල කැන්ටිමට ගිහින් කිරි බොන පුරුද්දක් මට තිබුණ. දවසක් පන්තියෙන් පනිනකොටම විදුහල්පතිනියගෙ ඇගේ වැදුණා. ඇය මට මුකුත්ම කියන්නෙ නැතිව ගියා.

මගේ අම්මත් එම විදුහලේම ගුරුවරියක් වුවත් ඇයටවත් කවදාවත් මගේ දඟවැඩ නතරකරන්න හැකිවුණේ නෑ. ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙන්න එක ඡන්දයයි මදිවන්නෙ. ඒ මගේ අම්මා මට ඡන්දය නොදුන් නිසයි. මගේ තිබුණු දඟ වැඩ නිසා අම්මා හිතන්න ඇති එවැනි වගකීමක් මට දරන්න බැරිවේ යැයි කියා. පාඩම් කරන්න කම්මැලි වුණත් උගන්වන දේවල් මතකෙ තිබුණා. පාසලේ බාහිර වැඩත් කළා.ඒ හැම දෙයක්ම කරලත් උසස්පෙළ හොඳින් සමත්ව විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබුවා.

සීයගෙන් හොඳ ඔවදනක්
අම්මාගෙ තාත්තා බී.පී මාරපන. ඔහුත් හමුදා නිලධාරියෙක් ලෙස සේවය කළ අයෙක්. ඔහු තමයි මගේ ජිවිතයේ පරමාදර්ශී චරිතය. මට මතකයි සීයා හැම වෙලේම කියනවා ගැහැනියක් හැටියට ඉපදිලා නිකන් ඉඳලා මැරිල යන්න එපා. රටක්ම දන්න ගැහැනියක් විදිහට මැරෙන එකයි වටිනාකම කියලා. ඒ ඔවදන හිතට ගෙන පුංචි කාලෙම හිතාගත්තා ලෝකෙටම අවශ්‍ය කෙනෙක් වෙන්න උත්සාහ කරනවා කියා. ඒ නිසාමයි පේරාදෙණිය කැම්පස් එකට නොගිහින් සුහද මාරුවකින් කැලණියට හදාගත්තෙ.

ඒ කොළඹට ආසන්න නිසා කවදහරි දවසක මගේ බලාපොරොත්තු ඉටුකර ගතහැකි වේයැයි සිතුණු නිසයි. ඒ වකවානුව රටේ භීෂණය පැවතුන නිසා අම්මගෙ කොහෙත්ම කැමැත්තක් තිබුණේ නෑ මම කැම්පස් යනවට. අවසානයේ ඇයව කැමැතිකර ගත්තෙ බැනල රණ්ඩුත් අල්ලල. කැම්පස් ජීවිතයත් ගෙවුණෙ හරිම සුන්දර විදිහට.

කැම්පස් යන ඕනෑම කොල්ලෙකුට කෙල්ලෙකුට ආදර සම්බන්ධතා නැතැයි කියනඑක බො‍රුවක්. මටත් එවැනි සම්බන්ධතා තිබුණා. කාලයක් මට පෙම්වතෙක් සිටියා. පසුකාලීනව ඒ සම්බන්ධතා බිද වැටුණා. අදත් අපි හොඳ යාළුවෝ.
Make a Comment
Make a Comment






Recent Gossip Post




Man Nuba Gawa - Subhashini Konara ft Thilina R
Man Nuba Gawa
Subhashini Konara ft Thilina R
⤵  3,890 Downloads

Sansara Premaya - Kamaj Jayasanke
Sansara Premaya
Kamaj Jayasanke
⤵  3,491 Downloads

Oba Yanna - Dr. Maneesha Gallage
Oba Yanna
Dr. Maneesha Gallage
⤵  1,826 Downloads

La Dam Wesse - Aruna Lian
La Dam Wesse
Aruna Lian
⤵  1,123 Downloads

Sihine - Be Still
Sihine
Be Still
⤵  3,124 Downloads

Duppath Hindada - Prabath Akalanka
Duppath Hindada
Prabath Akalanka
⤵  18,401 Downloads

Pawena Hithe - Romesh Salinda
Pawena Hithe
Romesh Salinda
⤵  9,020 Downloads

Adare Gala Hale - Charith Maduranga
Adare Gala Hale
Charith Maduranga
⤵  10,400 Downloads

Wen Wenna Pera Aye - Thilina Senarathyapa
Wen Wenna Pera Aye
Thilina Senarathyapa
⤵  12,922 Downloads

Ape Adare - Nishantha Godagama ft Nimanthi Geethika
Ape Adare
Nishantha Godagama ft Nimanthi Geethika
⤵  7,689 Downloads



Top 10 Commenters

Latest Comments

Top