රෝහලේ පැවති සායනයකට පැමිණි බව කියන අනුරාධපුර ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සෙත්මි ආශිංෂනා නැමැති දැරියක් අතුරුදන් වී තිබෙනවා.
13 හැවිරිදි වියේ පසුවන ඇය ඉකුත් 31 වැනිදා සිට අතුරුදන් වී ඇති බව කියමින් සිසුවියගේ මව පොලිසියේ පැමිණිල්ලක්ද කර තිබෙනවා.
මීට දින 9 කට පෙර අතුරුදන් වී ඇති මෙම දැරිය අනුරාධපුර නගරයේ පිහිටි බාලිකා පාසලක 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබා ඇති අතර තුනේ කණුව, ඉලිප්පුකුලම, ඇලයාපත්තුව ප්‍රදේශයේ ඇය පදිංචිව සිට තිබෙනවා.
මෙම දැරිය පසුගිය 31 වැනිදා උදෑසන මව සමග අනුරාධපුර නගරයට පැමිණ ඇති අතර මව රැකියාවට යෑමෙන් පසු ඇය අනුරාධපුර පොලිසිය අසළ බස් නැවතුමෙන් අනුරාධපුර රෝහලට යෑමට බසයට ගොඩවී තිබුණා.
දැරිය ශරීරයේ ලේ හිඟවීම නිසා රෝහලේ පැවැත්වෙන වෛද්‍ය සායනයකට සහභාගීවීමටයි මෙසේ ගොස් තිබුණේ.
දැරියගේ මිත්තණි ඇයව වෛද්‍ය සායනයට ඉදිරිපත් කිරීම සඳහා රෝහලට පැමිණෙන තෙක් බලා සිට ඇතත් ඇය නොපැමිණීම නිසා ඒ ගැන මවට දන්වා තිබෙනවා.
එදින සවස් වන තුරුම ඔවුන් දැරිය නිවසට පැමිණේ යැයි අපේක්ෂාවෙන් සිටියත් ඇය නිවසට පැමිණ තිබුණේ නැහැ.
මේ පිළිබඳව මව්පියන් විසින් අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා.