එදිනෙදා මහමඟ යන අපිට මාර්ග නීති කඩකිරීම නිසා දඬුවම් විඳින රියදුරන් පිළිබද දක්නට ලැබීම සුලභ දසුනකි.
ඒ නීති කඩවීම පිළිබඳව හා එයට ලබාදෙන දඩුවම් තීරණය කරන්නේ පොලිස් නිළධාරියාය. නමුත් අද අපි ගෙන එන්නේ නීතිය රැකේදැයි සොයාබලන නිළධාරියෙක්ම මාර්ග නීති රාශියක් කඩකරමින් යතුරු පැදියක ගමන්කල ආකාරය දැක්වෙන සමාජජාල බෙඩ් අඩවි වල මේ දිනවල ජනප්‍රිය වී ඇති වීඩියෝවකි.
වම් පසින් වාහනයකට ඉස්සර කිරීම, අනෙක් මංතීරුවෙන් ඉදිරියට යාම, කහ ඉර මතින් ඉස්සර කිරීම ආදී මාර්ග නීති රාශියක් ඔහු සුලු මොහොතක් තුළ කඩා තිබේ.
තරුණයින් දෙදෙනෙක් විසින් මෙය වීඩියෝ ගත කොට ඇති අතර ඔවුන් දෙදෙනා අදාල පොලිස් නිළධාරියා සමඟ උණසුම් වචන හුවමරුවක්ද සිදුවී ඇත.
අයියේ ඔයා පොලිසියේ නේද?
ඇයි මොකද?
ඔයා පාරේ යන විදිහ හරිද අප්පා! කහ ඉර උඩින් ඉස්සර කරන්න පුළුවන්ද?
ඇයි බැරිද?
ඔක්කොම නීති තියෙන්නේ අපිට විතරද..?
තරුණයින් දෙදෙනා පටිගතකල වීඩියෝව පහතින්....