තරුෂි පෙරේරා කියන්නේ පුංචි තිරය තුල විටෙක දගකාර මෙන්ම නපුරු චරිතයක්. නමුත් ඇයව වැඩිපුරම දකින්න ලැබෙන්නේ අහිංසක චරිත වලින්. තරුෂි ඇයගේ අලුත් තොරතුරු ගැන මේ විදිහට පුවත්පතක් සමග කතා කරලා තිබුනා. මේ ඒ ගැනයි.
කොහොමද විවාහ ජිවිතේ..?
“මම සුමේධත් එක්ක විවාහ වුණාට පස්සේ ගෙව්වේ බොහොම සුන්දර ජීවිතයක්. ඒ ජීවිතය වඩාත් සුන්දර වුණේ තරුන් පුතා අපේ කැදැල්ලට පැමිණියාට පස්සේ. මටත් වඩා සුමේධ පුතාට බොහොම ආදරය කළා පමණක් නොවෙයි එයා ළඟින් හෙළ වුණේ රැකියාවේ කටයුත්තකට යන්න පමණයි. ඒ ගියත් ඔහු ඉක්මනට ම නිවසට ආවේ පුතා ගැන අහගෙන. ඒ නිසා අපි තුන්දෙනා අතර තිබුණේ අපූරු සබැඳීයාවක්. මේ සබැඳීයාව ඒ විදියටම පුතා ඇති දැඩි වුණත් අපේ සිත්වලින් මැකෙන එකක් නැහැ. අපට ඉන්න එකම දරුවා ඔහුයි. ඔහුයි අප දෙදෙනාගේ ජීවිතේ. අප දෙදෙනාගේ මුළු ලෝකය ම චූටි තරුන් පුතුයි.”
“පුතා දඟ පැටියෙක් ද?”
“නිවසේ සියලු ම කටයුතු කෙරෙන්නේ මගේ අත් දෙකෙන්. උදව්වට කෙනෙකු සිටියත් ඒ සියලු ම දේ මගේ අත් දෙකෙන් ම කරන්නයි මට වුවමනා වී තිබෙන්නේ. උදේ හයට අවදි වන මා මුලින් ම කරන්නේ පුතාගේ කෑම සෑදීමයි. ඒ අතර අවදි වන පුතා හුරතල් කරන්නත් මා අමතක කරන්නේ නැහැ. ඒ වුණත් එයා අම්මට තිබෙන වැඩ කන්දරාව දැනගෙන දෝ මට වැඩිපුර කරදර කරන්නේ නැහැ. සමහර වෙලාවට ටිකක් දඟ කරනවා තමයි. ඒත් පුංචි ළමයි කොහොමත් දඟ නේ. ඒ දඟකම හැමවෙලාවෙ ම නොවෙයි. බොහොම ටික වෙලාවකටයි. අනෙක් වෙලාවට එයා බොහොම නිශ්ශබ්දව තනිවම එයාගේ වැඩ ටික කරගන්න පුතා දක්ෂයි.”
ඔබේ සැමියා සුමේද විදෙස් ගත වෙලාද ඉන්නේ..?
සුමේධ ඉන්නේ ඩුබායිවල. එයා ඒ රටේ බැංකුවක රැකියාවක නිරත වෙනවා. මාස තුනෙන් තුනට සුමේධ මාවත්, පුතාත් බලන්න ලංකාවට එනවා. ඒ අතර තිබෙන නිවාඩුත් එක්ක මමයි, පුතයි ඩුබායි යන්නත් සිතාගෙන ඉන්නවා. පසුගිය දින ටිකේම ඔහු සිටියේ අපිත් එක්ක. ඩුබායි රට කියන්නේ බොහොම දුර ඈත රටකුත් නොවෙයි.”
“සුමේධ නැති අඩුව පුතාට දැනෙන්නේ නැද්ද?”
“ඇයි නැත්තේ. සුමේධ මෙහේ සිටිය කාලයේ තිබුණ ආදරය දැන් පුතාට නොලැබෙන නිසා දෝ කොහෙද ඔහු සමහර දවසට සාංකාවෙන් ඉන්න වෙලාවල් තිබෙනවා. ඒත් සුමේධ ස්කයිප් එකෙන් හැම දවසක ම කතා කරන නිසා ඒ සාංකාව ඉබේමයි දුරු වන්නේ. සුමේධ ඇවිත් යන සෑම දවසක ම එයා පුතාව බදාගෙන අඬනවා. තාත්තා අඬන බව දකින තරුන් පුතාත් අඬන්නේ ඊට නොදෙවෙනි ලෙසින්.”
“යළිත් ඔබ සිටින්නේ රංගනයට පිවිසීමට තීරණය කරලා ද?”
“විවාහ වුණාට පස්සෙත් මා හොඳ නිර්මාණ කිහිපයකට ම දායක වුණා. එදත් මා රංගනය අතහැර දැමුවේ නැහැ. අදත් එහෙමම තමයි. පුතා ලොකු වුණාට පස්සේ හොඳ චරිතයක් ලැබුණොත් රඟපානවා කියන මතයේයි මා කවදත් සිටියේ. ඒ අතර ටෙලි නාට්‍ය දෙකක රඟපෑමට ආරාධනා ලැබුණා. ඉන් එකක් මෙගා ටෙලි නාට්‍යයක්. එහි ප්‍රධාන චරිතය වුණු අම්මාගේ චරිතයටයි මට ආරාධනා ලැබුණේ. මේ අම්මාට ලැබෙන්න ඉන්න දරුවා හා ඒ සැමියාට සිටින දියණියට සැබෑම මවක් වීමට මා සූදානම්. ළඟදීම රූගත කිරීමට නියමිත මේ ටෙලි නාට්‍ය ප්‍රධාන රූපවාහිනි සේවයක විකාශය වීමට නියමිතයි.”
“එහෙම වුණොත් තරුන් පුතා ළඟටම වෙලා ඉන්න ඔබට නොහැකි වේවි ද?”
අම්මාගේ උදව් තිබෙන නිසා මේ සියලු කටයුතු ටික මට බොහොම පහසුවෙන් කර ගැනීමට හැකියි. ඒ නිසා පුතාව අම්මා ළඟ තබා රූගත කිරීම්වලට යන්නටයි මා සිතාගෙන සිටින්නේ. හැමදාම රූගත කිරීම් නොවැටෙන නිසා පුතා ළඟ සිටීම ගැන ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. අද මා අසල ම මගේ මව සිටීම මට ලොකු ශක්තියක්. කුමන දෙයක් කළත් මා මුල්තැන දෙන්නේ මගේ පවුලටයි.”
“ අලුත් වැඩකටයුත්ත ගැන කිව්වොත්..?
“මා රඟපෑම තරමටම එදා පටන්ම කරගෙන ගිය සැලුන් එක ඉදිරි කාලයේදී නුගේගොඩ ප්‍රදේශයට අරගෙන යන්න සිතාගෙන ඉන්නවා. එහිදි මුල්තැන ලබාදෙන්නේ මනාලියන්ව සැරැසීමටයි. ඒ සඳහා ලැබෙන සෑම කටයුත්තක්ම භාර නොගෙන තෝරා බේරා ගත් අයගේ ආරාධනාවලට පමණක් සහභාගි වෙමින් සැලුන් එකේ කටයුතු ඉදිරියට කරගෙන යන්නට මා බලාපොරොත්තු වෙනවා.