Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
07
විදෙස් ගතව පැමිණ දියණියගේ ඇස් ඉදිරිපිටම මහමග අවසන් ගමන් ගිය ශියානි - Photos

- විදෙස් ගතව පැමිණ දියණියගේ ඇස් ඉදිරිපිටම මහමග අවසන් ගමන් ගිය ශියානි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

29,458 Views
එක් අනතුරකින් තුවාල ලබා සිටියදී තවත් අනතුරක් වෙලා.....

සැමියාගේ තුන් මාසයේ පිංකමට සූදානම් වෙලා...

දඹුල්ල - අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේදී ඊයේ (06) රාත්‍රී  සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල බුලාගල පදිංචි ශියානි මංගලිකා නමැති 50 හැවිරිදි එක් දරු මවක්.

මියගිය කාන්තාව සිය සහෝදරිය සමග බුලගල  ප්‍රදේශයට පැමිණ ඇත්තේ දඹුල්ල නගරයේ පෞද්ගලික රෙදිපිලි අලෙවිසැලක සේවය කරන සිය දියණිය නිවසට කැඳවාගෙන ඒම සඳහායි.

දියණියත්  දියණියගේ යහළුවකුත්  බස් රථයෙන් බැසීමෙන් පසු නිවසට කැඳවාගෙන යෑම සඳහා මාර්ගය හරහා මාරුවෙද්දී යතුරු පැදියක් වේගයෙන් පැමිණ මෙම කාන්තාව ඇතුළු පිරිස ගැටී තිබෙනවා.

එහිදී මියගිය කාන්තාව ප්‍රධාන  මාර්ගය මැද  වැටී සිටියදී ඒ අසල පිහිටි වෙළෙඳ සැලක හිමිකරු සහ මියගිය කාන්තාවගේ සහෝදරිය කාන්තාව එසවීමට සූදානම් වෙද්දී එක් වරම දඹුල්ල දෙසින් වේගයෙන් ධාවනය වූ ජිප් රථයක් මෙම පිරිස ද යටකරගෙන ගිය බව සිද්ධිය ඇසින් දුටු මියගිය කාන්තාවගේ දියණිය වූ ඩබ්ලිව්. ජී .ඉරේෂා පියුමාලි  පවසනවා.

පෙර අනතුරින් තුවාල වී සිටී කාන්තාව විනාඩි 3 ඇතුලත තෙවැනි අනතුරින් ජීවිතක්ෂයට පත්වූ බව ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

ජිප් රථයේ ගැටුනු මියගිය කාන්තාවගේ සහෝදරිය වූ එච්.එස් . අයිරාංගනී සහ වෙළඳ සැල් හිමිකරු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර සිටින අතර පෙර අනතුරේ යතුරුපැදිකරු ද සුළු තුවාල ලබා ඇති බව දඹුල්ල පොලිසිය පැවසුවා.

අනතුර සිදුකළ රියදුරු පවසා ඇත්තේ තමන්ට ඉදිරිපසින් තවත් වාහනයක් ඉදිරිපස ලාම්පු දල්වාගෙන පැමිණීමත් සමග තමන්ට මාර්ගයේ ඉදිරිය නොපෙනුනු බවයි. කෙසේ වෙතත් රියදුරු දඹුල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අනතුරේ තවත් ඛේදවාචකයක් වන්නේ මියගිය කාන්තාව විදේශගත වී මෙරටට පැමිණ සතියක් තුළ සිය සැමියා බරපතළ වකුගඩු රෝගයෙන් මියගොස් ලබන දොළොස් වැනි දාට මාස තුනක් ගතවීමයි.

සිය සැමියාගේ තුන් මාසයේ පිංකම සූදානම් කරමින් සිටියදී ඇය මිය ගිය බවත් එම පවුලේ එකම දියණිය මේ අනතුරත් සමග තනි වී සිටින බවත් වාර්තාවුණා.

මෙම රිය අනතුර සම්බන්ධයෙන් දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර අනතුරට පත් ජීප් රථය අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික සමාගමකට අයත් කළමනාකරුවෙකු විසින් භාවිතා කරන බවත් අනතුර සිදුවන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  565 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  962 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  23,628 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  2,736 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,009 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  7,338 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  20,408 Downloads

Sithiwili Kotiyak - Amila Dissanayake
Sithiwili Kotiyak
Amila Dissanayake
⤵  1,333 Downloads

Inna Thanaka - Sanjeewa Nishan
Inna Thanaka
Sanjeewa Nishan
⤵  3,669 Downloads

Denenawa Wedana - Dammika Priyantha Hettiarachchi
Denenawa Wedana
Dammika Priyantha Hettiarachchi
⤵  5,442 Downloads



Top 10 Commenters

Latest Comments

Top