කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත වෙයි....
පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රත්නපුර සහ ඇහැළියගොඩ ඇතුළු කඳුකර ප්‍රදේශවල ජිවත්වන ජනතාව අවධානයෙන් සිටින ලෙස අපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එසේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ ගංඟා ආශ්‍රිතව ජීවත්වන ජනතාව වර්ෂාවත් සමග දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර 150 කට ආසන්න තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඌව පළාතට මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටද මිලිමීටර 100 ක් දක්වාවූ වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම දිවයිනට නිරිත සහ නැගෙනහිර දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මුහුදේ සුළං වේගයද පැයට කිලෝමීටර 70 සිට 80 දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. ඒ හේතුවෙන් අගලවත්ත, වලල්ලාවිට, පාලින්ද නුවර, ඉංගිරිය සහ බදුරලිය අවට ජනතාවට අවධානයෙන් සිටින්නැයි, උපදෙස් ලබා දී ඇති බවයි වාර්තාවුණේ.