Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
06
රුවන්වැලිසෑය පූජා භූමියේදී අසරණ මවකගේ රුපියල් 720 ක මුදලකට විදපු පොලිස් නිලධාරියෙක්

- රුවන්වැලිසෑය පූජා භූමියේදී අසරණ මවකගේ රුපියල් 720 ක මුදලකට විදපු පොලිස් නිලධාරියෙක්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

24,762 Views
කැඩුණු කකුලට බෙහෙත් ගන්න ආධාර එකතු කරලා..

"මෙතැනින් වහාම යන්න කියලා එකතු වෙච්ච සල්ලි ටික අරගත්තා"

රිය අනතුරකින් පාදය ආබාධයට ලක්වූ අසරණ මවක් ලඟ තිබූ මුදලක් රුපියල්  720 ක මුදලක් ඊයේ (5) පොහෝ දිනයේදී පොලිස් නිලධාරියෙකු විසින් පැහැරගත් පුවතක් අනුරාධපුර රුවන්වැලිසෑය පූජා භූමියෙන් වාර්තා වුණා.

මෙම මවගේ පාදය 2016 දී සිදු වුණු රිය අනතුරකට ලක්ව කැඩී ගොස් තිබෙනවා. ආබාධයට ලක් වූ තම පාදය සුව කර ගැනීමට රුපියල් 12,000ක් මුදලක් අවශ්‍ය වන බව වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණත් මෙම මවට එම මුදල සොයා ගැනීම අපහසු කාරයක් වී තිබුණේ දුප්පත්කමත් අසරණ කමත් නිසාය.

ඇහැටුවැව ලෝලූගස්වැව ඇලයාපත්තුව ලිපිනයේ පදිංචි ඩබ්ලිව්. ඒ. කරුණාවතී නැමති  (60) හැවිරිදි මෙම මව ඊයේ (5) පොහොය දිනයේ අනුරාධපුර  ශ්‍රී මහ බෝධිය රථගාල ආසන්නයට පැමිණියේ තම පාදය සුවපත් කරගැනීමට අවශ්‍ය මුදල සොයා ගැනීමට පැමිණෙන සැදැහැවතුන්ගෙන් යම් ආධාර මුදලක් එකතු කරගැනීමේ අරමුණිනි.

ශ්‍රී මහ බෝධිය රථගාල ආසන්නයේ බිම ලැඟුම්ගෙන සිටින මෙම මවගේ දුක් ගැනවිල්ල ඇසෙන මිනිසුන් ඇයට එම ශල්‍යකර්මය සඳහා අවශ්‍ය මුදල තර කර ගැනීමට සුළු මුදලින් ආධාර කර කරනවා.

අනුරාධපුර උඩමළුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතුව සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇයට මුදල් එක්කාසු වන අන්දම දෙස බලා සිට එක්වරම එතනට ගොස් අත්අඩංගුවට ගන්නා බව පවසමින් ඇය බිය ගන්වා පිනට එකතු වී තිබූ රුපියල් 720ක මුදල පැහැරගෙන තිබෙනවා.

අසරණ මව පොලිස් නිලධාරියාට පැවසුවේ අනේ මහත්තයෝ මම මෙතැනින් යන්නම් සල්ලි ටික දෙන්නැයි හඬා වැටෙන්නට වූවා.

පසුව මෙම නිලධාරියා කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවා මේ මව අත්අඩංගුවට ගන්නා ලෙස පවසා බිය වද්දා තිබෙනවා. මෙලෙස බියට පත්වූ අසරණ මව මුදල්ද එපා කියමින් හඬා වැටෙමින් එම ස්ථානයෙන් නික්ම ගොස් තිබෙනවා.

පොලිස් නිලධාරියාකුගේ මෙම පහත් රාජකාරිය පිළිබඳව මෙම මව හඬා වැටෙමින් මෙසේ පැවසුවා.

මගේ මහත්තයාගේ සුෂුම්නාවට තුවාල වෙලා නැඟිට ගන්න බෑ. මේ දවස්වල අපිට ජීවත් වෙන්නවත් විදියක් නෑ. රජයෙන් දීපු නියං ආධාරත් දැන් ඉවරයි.ඒ නිසා උඩමළුවට ඇවිල්ලා වාඩිවෙලා හිටියා. වඳින්න ආපු අය මට මුදල් දුන්නා. මේක බලාගෙන හිටපු පොලිසියේ මහත්වරු දෙන්නකුයි සිවිල් ආරක්ෂක භටයකුයි ඇවිල්ලා බැනලා මෙතැනින් වහාම පිටවෙලා යන්න කියලා එකතු වෙච්ච සල්ලි ටික අරගත්තා. මම සල්ලි ටික ඉල්ලුවහම අර පොලිස් කාන්තාව එන්නේ අරගෙන යන්න කිව්වා. මම බයට අඬ අඬා එතැනින් එද්දී ඒක බලන් හිටපු මහත්වරු වගයක් ඔය මිනිස්සුන්ගේ හදවතක් නෑ අම්මේ කියලා මට රුපියල් 1,000ක් එක්කාසු කරලා දුන්නා.කිහිලිකරුවෙන් බොහොම අමාරුවෙන් යන්නේ එන්නේ. මම හිඟාකන කෙනෙක් නෙවෙයි. හොඳට හිටපු කාලේ ගමට සමාජ සේවා රැසක් කළා. හිටපු ජනාධිපතිතුමාට කියලා අපේ ගමට බස් එකකුත් අරන් දුන්නා. මම අනතුරට ලක්වෙලා ඉද්දිත් ලංගම ඩිපෝවේ මහත්වරු මට පුදුම විදියට උදවු කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nuwara Wewe - Sanjeewa Jayasekara
Nuwara Wewe
Sanjeewa Jayasekara
⤵  869 Downloads

Boru Chodana  - Rukman Asitha
Boru Chodana
Rukman Asitha
⤵  3,128 Downloads

Pera Bawayen - Jinna Hewage
Pera Bawayen
Jinna Hewage
⤵  573 Downloads

Awasan Nowu Kathawa - Kokila Pawan Jayasooriya
Awasan Nowu Kathawa
Kokila Pawan Jayasooriya
⤵  4,404 Downloads

Perada Ma Dama - Stanley Warnakula
Perada Ma Dama
Stanley Warnakula
⤵  2,268 Downloads

Duk Vidina Tharam - Mihiran Udana
Duk Vidina Tharam
Mihiran Udana
⤵  30,407 Downloads

Dewliya - Shehan Bandara
Dewliya
Shehan Bandara
⤵  3,210 Downloads

Palu Sitha Langa - Nirosha Virajini ft Dr RNG Rajapakse
Palu Sitha Langa
Nirosha Virajini ft Dr RNG Rajapakse
⤵  4,883 Downloads

Yavi - Srimal Amugoda ft Thilina R
Yavi
Srimal Amugoda ft Thilina R
⤵  9,120 Downloads

Paw Pirennepa - Sanka Karunarathna
Paw Pirennepa
Sanka Karunarathna
⤵  24,109 Downloads



Top 10 Commenters

Latest Comments

Top