තරුණියක් භාවිතාකල අයි ෆෝන් එකක් හේතුවෙන් ඇගේ පියයුර පිළිස්සී ඇති බවට පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඩියෝ බැක්ස්ටන් නමැති 24 හැවිරිදි තරුණිය එංගලන්තයේ එසෙක්ස් ප්‍රාන්තයේ වෙසෙන අතර ඇය මෙම සිද්ධියට මුහුණ දී තිබෙන්නේ තම අයි ෆෝන් එක charge වීම සඳහා දමා රාත්‍රි නින්දේ සිටින අවස්ථාවේ දී ය.
ඇය මෙම අනතුරට මුහුණ දී ඇත්තේ අයි ෆෝන් 5 වර්ගයේ දුරකතනයක් මගින් වන අතර අඟල් පහක පමණ පිළිස්සුම් තුවාල මෙමගින් ඇගේ පියයුරුවේ ඇති වී තිබේ.