ඉන්දියාවේ පර්කන්ට් ප්‍රාන්තයේ සහරාවිලා ප්‍රදේශයෙන් අතිශය සංවේදී පුවතක් වාර්තා වනවා.
ඒ, කාත් කවුරුත් නැතිව අසරණව මහ පාරේ දරුවෙකු වැදූ 17 හැවිරිදි දැරියක් පිළිබඳවයි.
ඇය මිට පෙර එක්තරා තරුණයෙකු සමග ප්‍රේම සම්බදතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහු සමග අඹු සැමියන් සේ හැසිරී තිබෙනවා.
කාලයක් තිස්සේ මෙසේ ලිංගිකව එක් වීමේ ප්‍රතිපලයක් ලෙස අවසානයේ ඇයගේ කුසයේ දරුවකු පිළිසිඳ ගෙන තිබෙනවා.
එය දැනගත් පෙම්වතා ඇයව අතහැර ගොස් ඇති බවයි ඉන්දීය වාර්තා පවසන්නේ.
විවාහ පොරොන්දු දී තමන් හා අඹු සැමියන් ලෙස හැසිරුණ පෙම්වතා , දරුවෙකු කුසට දී මෙසේ පලා යාම ගැන දැඩි වේදනාවෙන් සිය නිවසේ කාලය ගත කරන විට නිවැසියන් ද ඇය ගර්භනී බව දැනගෙන තිබෙනවා.
එහිදී නිවැසියන් කර ඇත්තේ ඇයව නිවසින් එලවා දැමීමයි.
අනතුරුව මාස 4ක් ඇය මහ පාරේ සිගන්නියක් සේ ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේ තිබියදී ඇයට පෙරේදා(29) දරුවා ලැබීම සඳහා වේදනාව ඇති වී තිබෙනවා.
ඇය අදාළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගියද එහි බලධාරීන් ඇයව ප්‍රතික්ෂේප කර එලවා දමා ඇති බව සඳහන්.
අනතුරුව ඇය මහ පාර අයිනේම ප්‍රසුත වේදනාවෙන් පෙළෙමින් දරුවා බිහි කිරීමට උත්සාහ කළත් එය දුටු කිසිවෙක් ඇයගේ උදව්වට පැමිණ නැහැ.
අවසානයේ ඇය මහපාරේ ම දරුවා බිහි කළා.
එහිදී පෙකෙනිවැල කැපිමටවත් කිසිවෙක් ඉදිරිපත් වී නැහැ.
පසුව එක් පිරිමි පුද්ගලයෙකු පැමිණ ඇයව ත්‍රිරෝද රථයක දමාගෙන රෝහලකට රැගෙන ගොස් තිබෙනවා.