මිග්‍රෙන් එහෙම නැත්තම් ඉරුවාරදය කියන්නේ දැන් සමාජයේ වැඩි වශයෙන් දකින්න ලැබෙන රෝගයක්. මේ අයට ඉතා දිගු කාලයක සිට හිසේ වේදනාව දකින්න ලැබෙනවා.
එමෙන්ම රෝගය ඇතිවන වාරගණන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් හිසේ එක් පැත්තක වේදනාව ඇතිවීම සිදු වන්නේ.මෙය පැය 2 සිට පැය 72 දක්වා කාලයක පවතිනවා.
එමෙන්ම යම් රෝගීන් තුළ නිලංකාරය නමැති අවස්ථාව දකින්න ලැබෙනවා.මෙහිදී මූලිකවම ඇස් පෙනීමේ අපහසුතා ඇති වෙන අතර එම අවස්ථාවේදී මීළඟට මිග්‍රෙන් ඇතිවන බව රෝගියාට දැනගන්න පුළුවන්.
මිග්‍රෙන් ඇතිවීමට හේතු
මිග්‍රෙන් ඇතිවීමට නිශ්චිත හේතුවක් දැනට සොයාගෙන නැහැ. නමුත් පාරිසරික සහ ජානමය හේතු මත මෙය ඇතිවන බවට විශ්වාස කරනවා. එමෙන්ම මෙය ඇතිවීමට රුධිර වාහිනී සහ ස්නායු බලපාන බවට පරීක්ෂණ මගින් සොයාගෙන තිබෙනවා.
රෝග ලක්ෂණ
හිසරදය
මෙය බොහෝවිට හිසෙහි එක් පැත්තක පමණක් ඇතිවේ. පැය 2 සිට පැය 72 අතර කාලයක් තුළ පවතින්නේ. වේදනාවේ ප්‍රමාණය, පවතින කාලය රෝගියාගෙන් රෝගියාට වෙනස් වෙනවා.
අධිසංවේදීතාව
මෙහිදී ආලෝකය දරාගැනීමට ඉතා අපහසුයි. යම් කිසි ආලෝකයක් දෙස එක එල්ලේ බැලීම වේදනාව අධික වීමට හේතු විය හැකියි. එමෙන්ම පෙනීමේ දුර්වලතා එනම් ඇස ඉදිරිපිට කලු ලප ඇති වීම, ආලෝක ලප ඇතිවීම, එක්වරම අඳුරුවී යාම වැනි ලක්ෂණ දැක ගත හැකියි.
වමනය හා ඔක්කාරය
මෙහිදී හිසරදය සමඟ ඇතිවන ඔක්කාරය, කෑම අරුචිය, වමනය යාම දැකගන්න පුළුවන්.
කරකැවිල්ල
යම් කාර්යයක නියෑලීමේ අපහසුතාව සමග කරකැවිල්ල ඇතිවීමට බොහෝ විට දැකගත හැකි අතර ශාරීරික දුර්වලතා, හිස ඔසවා සිටීමට අපහසුයි.
ප්‍රතිකාර
බොහෝ වෛද්‍යවරුන්ගේ මතය වනුයේ මිග්‍රෙන් යනු සුව කළ නොහැකි රෝගයක් බවයි. නමුත් නිවැරැදි ප්‍රතිකාර ක්‍රමයක් මත යොමු වීමෙන් මෙම රෝගය නිට්ටාවටම සුව කර ගන්න පුළුවන්.
හෝමියෝපති නමැති ප්‍රතිකාර ක්‍රමය මගින් මෙය ස්ථිරවම සුව කර ගැනීමට හැකියාවපවතිනවා.මෙහිදී නිවැරැදිව, වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ගැනීමෙන් රෝගය ඉක්මනින්ම හා ස්ථිරවම සුව කර ගැනීමේ හැකියාව තිබෙනවා.
හෝමියෝපති ප්‍රතිකාර අතුරු ආබාධ වලින් තොර ප්‍රතිකාර ක්‍රමයක් වන බැවින් ඉතා විශ්වාසදායී ප්‍රතිකාර ක්‍රමයක් ලෙස හඳුන්වා දිය හැකියි.එමෙන්ම ඕනෑම වයස් සීමාවක අයකුට මෙය භාවිත කිරීමේ හැකියාව පවතිනවා.
හෝමියෝපති ඖෂධ මගින් රෝග මූලයට ප්‍රතිකාර කර රෝගය මුලුමනින්ම ශරීරයෙන් ඉවත් කරනු ලබන බැවින් රෝගය නැවත ඇතිවීමේ හැකියාව අවමයි.
එම නිසා මිග්‍රෙන් හෙවත් ඉරුවාරදය නිට්ඨාවටම සුව කර ගැනීමට නම් හෝමියෝපති ප්‍රතිකාරවලට ඉක්මනින්ම යොමු වීම ඉතාමත් සුදුසුයි.
වෛද්‍ය අෂාන් තිලංක
හෝමියෝපති උපාධිධාරී වෛද්‍ය සංගමය