පුංචි දැරියකට පහර දෙමින් ගණන් කියාදෙන්න උත්සාහ දරන අයුරු දැක්වෙන වීඩියෝපටයක් පසුගිය දවස්වල අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනාට දැක ගන්නට ලැබුණා.
එම වීඩියෝව දුටු සුපිරි ක්රිකට් ක්රීඩක විරාත් කෝලි බොහෝ සෙයින් සංවේදී වෙලා.
"මේක බොහොම දුක්බර සිදුවීමක්. දරුවන්ට ඉගැන්විය යුතු බව ඇත්ත. ඒත් මේ අන්දමින් ඔවුන්ට හිරිහැර කරන්න අයතියක් නැහැ. මේකට වගකිව යුත්තන්ගෙ අවධානය යොමු විය යුතුයි."
කෝලි පවසන්නෙ දැඩි හිත් වේදනාවකින්.
ඒ විතරක් නෙවෙයි. අවස්ථාවක් ඇතොත් දරුවා රැක බලාගන්න පවා ඔහු ඉදිරිපත් වෙලා.
ඔහු විතරක් නෙවෙයි, ෂිකර් ධාවන් සහ ඔහුගේ බිරිය අයේෂා, යුවරාජ් සිං, රොබින් උතප්පා ද මේ දරුවා රැකබලා ගැනීමට තම දායකත්වය ලබා දෙන්න සූදානම් බව තම ට්විටර් අඩවිවල සඳහන් කොට තිබෙනවා.