"කාත් කාවුරුත් නැති දරුවා දකිනකොට දුකේ බෑ"
මව මියගිහින් , පියා වෙනත් විවාහයක් කරගෙන...
අංක 552 / බී ,හුරුළු නිකවැව නිවසේ පදිංචි වයස අවුරුදු 3යි මාස හතරක් වන නමින් හසිරු තරු දෙනුවන් ප්‍රේමරත්න පුතු උපන් දා සිට ස්නායු රෝගයෙන් පෙලෙන දරුවකු වනවා.
උපන් දා සිට දින 20 න් පිලිකාවක් හේතුවෙන් මෙම පුංචි පුතුගේ මව මිය ගොස් ඇති අතර ඉන් පසු තාත්තාද වෙනත් විවාහයක් කර ගෙන තිබෙනවා.
දෙමව්පියන්ගේ සෙනෙහස නොමැතිව අත්තම්මා ලග ජිවත් වන දෙනුවන් පුතාට තියා අත්තම්මාටද මේ වන විට ජිවත් වන්න ක්‍රමවේදයක් නොමැතිව සිටිනවා.
දරුවාගේ අත්තම්මා වන වයස 50 හැවිරිදි එස් නන්දාවති මහත්මිය මේ දරුවා සම්බන්ධයෙන් පවසන්නේ මෙවැන්නක්
“මහත්තයෝ මේ දරුවාගේ අම්මා පිළිකාවක් හැදිලා නැති වෙනකොට දරුවට යන්තම් දවස් 20යි.ඉට පස්සේ දරුවාගේ තාත්තාත් වෙන කාන්තාවක් විවාහ කරගෙන දැන් මීරිගම පැත්තේ ජිවත් වනවා. මගේ මනුස්සයාත් මැරිලා දැනට අවුරුදු කීපයක් වෙනවා. ඉතිං දැන් මේ ලෙඩ දරුවා තියාගෙන මට කුලියක් වත් කරගන්න යන්න බෑ. දරුවට රජයෙන් මාසයකට රැපියල් 2000 හම්බවෙනවා. ඒක දරුවාට කිරි එකටත් මදි. වෙලාවකට වේලක් හැර වේලක් කන්නේ. මොකද දරුවාට කිරි එක ගන්න බැරිවෙයි කියලා.කාත් කාවුරුත් නැති දරුවා දකිනකොට දුකේ බෑ.මම ඉල්ලන්නේ මේ දරුවට කන්න බොන්න දෙන්න කාට හරි පුළුවන්නම් මම මේ අත් දෙක උස්සලා වඳිනවා”.