කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ ගලේවෙල කනාදන ප්රදේශයේදී අද (23) දින පස්වරුවේ ටිපර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කරමින් සිටී 14 හැවිරිදි දැරියක් මියගොස් යතුරු පැදිය පැදවූ දැරියගේ පියා බරපතල තුවාල ලබා තිබෙනවා.
ටිපර් රථය කුරුණෑගල දෙසින් දඹුල්ල දෙසට ධාවනය කර ඇත. යතුරුපැදිය ද එම දෙසට ධාවනය කර ඇති බවයි පොලීසිය සඳහන් කරයි . ටිපර් රථය පිටුපසින් පැමිණ යතුරුපැදියෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි ගලේවෙල පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ කලාවැව බුල්නෑව ප්රදේශයේ පදිංචිකාරිනියක් බව පොලිසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිය ධාවනය කළ මිය ගිය දැරියගේ පියා බරපතළ තුවාල ලබා ගලේවෙල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහල වෙත මාරුකර යවා තිබේ.
ටිපර් රථයේ රියදුරු ගලේවෙල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මියගිය දැරිය අද ගොළු බිහිරි පාසලක ඉගෙන ගන්නා දැරියක් බවත් නිවාඩුව සඳහා තම පියා සමග යතුරු පැදියෙන් නිවස බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.