රෝද ඇඳ ගන්න කලින් විදුලි සෝපානය උඩට ගිහින්...
දරුවා සහ මව යකඩ තට්ටුවේ සිරවෙලා..
මවගේ කොටසක් ඇඹරී ගිහින්..
රෝහලක ඇති විදුලි සෝපානයක සිරවීමෙන් තරුණ මවක අවාසනාවන්ත ලෙස මියයාමේ පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා වනවා.
මේ සිදුවීම වී ඇත්තේ පසුගිය සඳුදා.
25 වැනි වියේ පසුවූ රෝසියෝ කෝටෙස් නුනේස් නැමැති ස්පාඤ්ඤ ජාතික තරුණ මව රෝහලේදී දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව තම බිළිඳා සමග රෝද ඇඳක් මගින් වාට්ටුවකට රැගෙන යාමට විදුලි සෝපානය වෙතට රැගෙන ගොස් තිබෙනවා.
එහිදි රෝහල් සේවකයා මව සහ අලුත උපන් දරුවා එකම ඇඳක තබාගෙන අවශ්‍ය රෝහල් වාට්ටුව වෙතට පැමිණ, සෝපානයේ දොර විවර කර ඇති අතර පසුව රෝද ඇඳ ඉවතට ගෙන තිබුණා.
ඇඳ ඉවතට ගැනීමත් සමගම එක්වරම ක්‍රියාත්මක වුණු විදුලි සෝපානය ඉහළට යන්නට පටන් ගෙන තිබෙනවා. මේ වන විට මව සහ දරුවා නිදා සිටි රෝද ඇඳෙහි භාගයක් පමණ තිබී ඇත්තේ සෝපානය තුළයි.
මෙය අතිශය බියකරු තත්ත්වයක් වූ අතර සැණෙකින් මව සහ දරුවා සෝපානයේ ඉහළ යකඩ තට්ටුවට සිරවී තිබුණා. මෙහිදි මව ඉතාමත් දරුණු ලෙස ඉහළ යකඩ තට්ටුවේ සිරවී ඇඹරී ගොස් තිබෙනවා.
මෙහිදි වහා ගිනි නිවන භටයින් පැමිණ මව සහ දරුවා පිටතට ගෙන තිබුණද මව මියගොස් දරුවා නිරුපද්‍රිත ජීවිතය ගලවාගෙන තිබෙනවා.
මවගේ හිසට තදබද ලෙස තුවාල සිදුවීම නිසා මරණයට පත්ව තිබුණා.
මෙම අතිශය කණගාටුදායක සිදුවීමෙන් තරුණ මවගේ සැමියා දැඩි ලෙස කම්පනයට පත්ව සිටින අතර රෝහලේ බොහෝ පිරිසක්ද ඒ පිළිබඳව දැඩි කණස්සල්ලෙන් පසුවනවා.