පසුගිය දවසක පාසල් ළමුන් පිරිසකට සෙත් පිරිත් සජ්ජායනා කරමින් සිටියදී රුවන්වැලි සෑයේ කොත් කැරැල්ල උඩින් එළියක් මතු වුණු සිදු වීමක් වාර්තා වුණා. මේ විදිහට මතුවූ එළිය මොකක්ද කියලා බොහෝ අයට ප්‍රශ්ණයක් වුණා.
ඇතැම් අය නම් කිව්වේ ඒ එළිය බුදු රැස් කියලයි. නමුත් බුදු රැස් විහිදීම නෙමෙයි ඒ සිදු වෙලා තියෙන්නේ. විද්‍යාත්මකව එවැනි එලි සිදු වෙන්නේ කොහොමද කියලා තහවුරු කර තිබෙනවා. විද්‍යාත්මකව එවැනි එළියකට කියන්නේ හේලෝ Halo (optical phenomenon) කියලයි.
හේලෝ කියන්නේ අයිස් අංශු එක්ක ආලෝකය එකතු වෙලා මෙවැනි වක්‍රයක් සෑදීමයි. පසුව මෙය වාතයේ තැම්පත් වෙනවා. එතකොට තමයි මෙහි හැඩය පෙනෙන්නේ. වක්‍රාකාර හැඩය වගේම විවිධ හැඩ ගන්න බවත් සදහන් වෙනවා.නමුත් වැඩි වශයෙන්ම වක්‍රාකාර හැඩයෙන් යුතුව මෙම එළි දකින්න ලැබෙනවා. ඒ වගේම ඒවා සුදු වර්ණය වගේම විවිධ වර්ණයන්ගෙන් යුක්ත බවත් සදහන්.
එවැනි විවිධ හැඩයන්ගෙන් යුතු එළි එහෙමත් නැත්තම් හේලෝ එකක් හැදෙන්නේ ඉර හෝ හද සමිපයෙන් කියලත් පැවසෙනවා. ඕනෑම රටක ඕනෑම ස්ථානයක ඉහල අහසේ මෙය දකින්න පුළුවන්. අපි නිරන්තරයෙන් දකින දෙදුන්නත් එහි ප්‍රථිපලයක්. දේදුන්න හැදෙන්නෙත් ඔය ක්‍රමයටම තමයි.