ජාඇල මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පාලනය වන පවුල් සෞඛ්‍ය සේවිකාවන් වැඩි දෙනෙක් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින මවුවරුන්ගේ නිවෙස්‌වලට නොගොස් මාසිකව පැවැත්වෙන සායනයේදී ඔවුන්ගේ කාඩ්පත්වලට අත්සන් තබන බව හෙළිව තිබෙනවා.
ඒ ගැන ගැබිණි මව්වරුන් පවසන්නේ මෙවැන්නක්.
‘‘මම ඉන්නේ සමගි මාවතේ. මේ මගේ පළමු දරුවා. පවුල් සෞඛ්‍ය සේවා මහත්මිය තාම ආවේ දවස් 2 යි. මං මොනවත් දන්නෙ නෑ. මගේ අම්මත් මං ළඟ නෑ. මං එයාට පණිවුඩයක් යෑව්වා. අපිට හරි බයයි. අම්මලා කියනවා ඒ අය කියා දෙනවා කියා. ඒ වුණාට අපේ කෙනා එන්නේ නෑ."
‘‘සායනයේදී සමහර අය අපේ කාඩ්වලට අත්සන් කරනවා" යනුවෙන් ඇය පවසනවා.